ගොටාභය ජනාධිපතිට තව වසර තුනක් නැහැ ; හරියට තියෙන්නේ දෙකයි

ඉදිරි වසර තුනේ දී තම පොරොන්දු වැඩ කටයුතු ඉවර කරන බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නැවත නැවත ප්‍රකාශ කළ ද, ඒ මහතාගේ නිල කාලය උපරිම වශයෙන්  තවත් වසර දෙකයි මාස අටකට සීමා වන බවත්, ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම සහ එයට සුදානම් වීමේ කාලය අතහැර ගණන් බැලු විට ප්‍රයෝජනවත් වැඩක් කළ හැකි කාලය වසර දෙකකට සීමාව්…

විදුලිය, සෞඛ්‍යය අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කොට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

  විදුලිය සැපයීම සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කොට ඇති මෙම නිවේදනය මගින් විදුලිය සැපයුමත්, සෞඛ්‍ය සේවයට සහ රෝගීන්ට සාත්තු කිරීමට අදාළ සියලු කටයුතුත් අත්‍යවශ්‍ය ලෙස නිවේදනය කොට තිබේ. මෙබඳු නියෝගයක් නිකුත් කිරීම රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමක් හා සමාන…

මුරුත්තෙට්ටුවේ හිමිට මසකට ලක්ෂ 13 ක් රජයෙන් ගෙවයි

නාරාහේන්පිට අභයාරාමධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මසකට ලක්ෂ 13 ක් සහතික කළ ආදායමක් ලබාදීමට රජය කටයුතු කොට ඇති බව වාර්තා වෙයි. අභයාරාමයට අයිති ගොඩනැගිල්ලක් මධ්‍යම සංස්කෘතික අරමුදලට කුලියට ගැනීම මගින් මෙම ආදායම සකස් කර දී තිබේ. ඒ අතර ඒ හිමියන්ට මත්තේගොඩ ප්‍රදේශයෙන් අක්කරයක ඉඩමක් ද ලබා දී ඇති බව ද වාර්තා වෙයි.

විදුලිය කපන්න ම ඕනෑ – ඉංජිනේරුවෝ කියති

ඉදිරි මාස තුනක කාලයේ විදුලි කැපීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා  කොමිසම කියයි. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියන්නේ ජනතාව විදුලි පරිභෝජනය සීමා නොකළහොත් විදුලිය කැපීමට ඉඩ දීමට සිදුවන බවයි. මේ අතර වසර තුනක් සඳහා හදිසි මිල දී ගැනීම් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින…

සීමා කිරීම්, ඩොලර් හිගය මැද ආනයන ඩොලර් බිලියන 20.6 ට නගී

වත්මන් රජය භාණ්ඩ ගණනාවක් ආනයනය නතර කොට ඇති අතර  ආනයන සඳහා ඩොලර් නිකුත් කිරීම ද සීමා කොට ඇතත්, මෙරට සමස්ත ආනයන ප්‍රමාණය ඉතිහාසයේ වැඩි ම අගය වාර්තා කරමින් පසුගිය වසරේ ඩොලර් බිලියන 20.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් වසංගතයට පෙර 2019 වසරේ එය සටහන් වී ඇත්තේ ඩොලර් බිලියන 19.9 ක් වශයෙනි. දෙසැම්බර් මාසයේ ආනයනවල…

කහ ගොවියාත් අමාරුවේ ; රජයේ සහතික මිල කිලෝවක් රුපියල් 165 යි

කහ ආනයනය නවතා ස්වයන්පොෂිත කිරීමේ රජයේ වැඩ පිළිවෙළ යටතේ රජයේ පෙළඹවීම මත කහ වගා කළ ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී ඇති අතර මේ වන විට රජය අමු කහ කිලෝවක් සඳහා ලබා දී ඇති සහතික මිල රුපියල් 165 කි. කහ ගොවීන්ගෙන් විකුණාගත නොහැකිව ඇති  අමු කහ  කිලෝවක් රුපියල් 165…

අදත් කොවිඩ් මරණ 31 ක්, නව ආසාදිතයි 1259 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද දිනයේ නිකුත්කළ නිවේදන මගින් තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 31 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 1259 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 15,754 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත…

අද කොවිඩ් මරණ 31 යි, නව ආසාදිතයින් 1,297 යි

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත්කළ නිවේදන අනුව කොවිඩ් මරණ 31 ක් අද දිනය තුළ තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,297 කි. ඒ අනුව මෙතෙක් මෙරටින්වර්ත වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,723 ක් දක්වා ඉහළ ගොස් තිබේ . මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ 624,545…

රට ගොඩගන්න රනිල්,සජිත්, හකීම්, සුමන්දිරන්,මනෝ සාකච්ඡා !

පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එජාප නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන්, මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පසුගියදා පැවති බව විපක්ෂ ආරංචි මාර්ග කියයි. රටේ ඉදිරි ආර්ථික උපායමාර්ග පිලිබඳ මෙම…

|

රෝහිත මහින්දට ‘ජැක්’ ගහන්න ගියේ සැලසුමක් ඇතිව දැයි සැකයක්

අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියේ වේදිකාවට ගොඩ වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට උදව් කරන්නට මෙන් උත්සාහයක් රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා දරන්නේ කිසියම් සැලසුමකට අනුව දැයි සැකයක් අගමැතිතුමාගේ සමීපතමයන් අතරේ පැතිර ඇති බව වාර්තා වෙයි. රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා අගමැතිතුමාට උදව් කරන්නට මෙන් අතින් අල්ලනු සහ අගමැතිතුමා එම අත ගසා දමනු දැක්වෙන වීඩියෝවක් සමාජ…

පොහොට්ටු පක්ෂයේ තනිව ගමන අද අනුරාධපුරයෙන් අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙක් හවුල්කාර පක්ෂ අතහැර තනිව යාමේ ගමන අද අනුරාධපුරයෙන් ආරම්භ කළේය. අනුරාධපුර රැලිය පොදුජන පෙරමුණේ තනි රැළියක් ලෙස සංවිධානය කොට තිබු අතර එයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිසිවකට ආරාධනා කොට නොතිබිණි. අද පටන් තමන් අලුත් ගමනක් ආරම්භ කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අතර එස් එම් චන්ද්‍රසේන ඇතුළු මැති ඇමතිවරුන්…

“රට යලි වහන්න ඉඩ තියන්න එපා !” – ජනතාව මහ රැලියකට කැඳවා ජනාධිපති කියයි

“රට නැවත වසා දමන්නට ඉඩ තියන්න එපා ‘ යයි ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද ජනතාවගෙන් ඉල්ලීමක්  කළේය. ජනාධිපතිතුමා මේ ඉල්ලීම කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැඳවීමෙන් අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති මහජන රැලිය අමතමිනි. මේ අතර නියජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද ප්‍රකාශ කළේ කොවිඩ් රැල්ලක් පවතිද්දී රැස්වීම් නොපවත්වන ලෙස…