කහ ගොවියාත් අමාරුවේ ; රජයේ සහතික මිල කිලෝවක් රුපියල් 165 යි

කහ ආනයනය නවතා ස්වයන්පොෂිත කිරීමේ රජයේ වැඩ පිළිවෙළ යටතේ රජයේ පෙළඹවීම මත කහ වගා කළ ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී ඇති අතර මේ වන විට රජය අමු කහ කිලෝවක් සඳහා ලබා දී ඇති සහතික මිල රුපියල් 165 කි.
කහ ගොවීන්ගෙන් විකුණාගත නොහැකිව ඇති අමු කහ කිලෝවක් රුපියල් 165 කට මිල දී ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කුළුබඩු, වැවිළි භෝග ආශ්රිත කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා කුළුබඩු අලෙවි මණ්ඩලය ඒකාබද්ධව මෙම වැඩ සටහන ගම්පහ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වෙයි.
කිලෝවක් රුපියල් 165 බැගින් මිලදී ගත් අමු කහ කුඩු ලෙස සකස් කර කුළු බඩු අලෙවි මණ්ඩලයේ අලෙවිසැල් මගින් අලෙවි කිරීමට කටයුතු කොට ඇති බව කියති.
කහ ආනයනය නවතා ඇතත්, ඒ සමග ම කහ සඳහා වෙළෙඳපොළ බිඳ වැටී ඇත්තේ නියම වී ඇති ඉහළ මිල නිසා පාරිභෝගිකයින් කහ පරිභෝජනය විශාල ලෙස අඩු කොට ඇති නිසා බව කියති. එම තත්ත්වය තුළ අමු කහ කිලෝවක් රුපියල් 100 ක් පමණ මිලට වත් විකුණාගත නොහැකි තත්ත්වයට පත් තිබිණි.
මීට පෙර මුන් වගාකළ ගොවීන්ට ද මෙබඳු ම ඉරණමක් අත්වීය. පසුව සත්ස මගින් කිලෝව රුපියල් 450 ට මුන් මිල දී ගෙන රුපියල් 225 කට අලෙවි කළ බව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළේය.
ගොවීන් කියන්නේ එයින් තමන්ට සෙත සලසුනාට වඩා නිලධාරීන්ට දුෂණයට ඉඩ සලසා දුන් බවයි. රුපියල් 225 ට විකුණු මුන් 450 ට නැවත ගැනීම මගින් එම දුෂණය සිදු වූ බව කියති.
