අදත් කොවිඩ් මරණ 31 ක්, නව ආසාදිතයි 1259 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා අද දිනයේ නිකුත්කළ නිවේදන මගින් තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 31 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 1259 කි.
මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 15,754 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 625,804 ක් වශයෙනි.
