රනිල් ජනාධිපතිවරණයට ස්වාධින ලෙස ඇප තැන්පත් කරයි

රනිල් ජනාධිපතිවරණයට ස්වාධින ලෙස ඇප තැන්පත් කරයි

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස…

මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි

මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද අද (25) පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පත් දෙකට කාරක සභාව අවස්ථාවේදී සංශෝධන එක් කෙරිණ. අනතුරුව තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත් දෙක පසුගිය මැයි මස 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ආර්ථිකයේ…

වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්ය. මියයන විට ඔහු 81හැවිරිදි වියේ පසුවුණි. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

ජපානය නැවත ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි
|

ජපානය නැවත ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජපානය අද (24) නිල වශයෙන් නිවේදනය කළේය. ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි,  JICA ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී යමාඩා ටෙට්සුයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි. අද දෙරණ

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිල නිවේදනය දින කිහිපයකින් – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිල නිවේදනය දින කිහිපයකින් – ජනාධිපති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් නිල නිවේදනයට මේ වනවිට රටවල් අත්සන් තබමින් සිටින බවත්, එය තව දින කිහිපයකින් ලැබෙනු ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගම්පහ, කඩවත පැවති ජන රැලිය අමතා ප්‍රකාශ කළේය. මීට වසර දෙකකට පෙර තමන් භාරගත් වගකීමේ ප්‍රධාන කොටස මේ වනවිට සාර්ථකව අවසන් කොට ඇති බව ද ජනාධිපතිවරයා කී ය….

මේ වසරේ මුල් මාස හය තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රු. බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත් වෙලා

මේ වසරේ මුල් මාස හය තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රු. බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත් වෙලා

2024 වසරේ පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දැමීමට සමත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබා ගත් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852කි. එම කාලය තුළ ගෙවා දමා…

මුදල් කමිටු සභාපතිගේ වාර්තාවට කමිටුවේ බහුතරයගේ විරෝධය

මුදල් කමිටු සභාපතිගේ වාර්තාවට කමිටුවේ බහුතරයගේ විරෝධය

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලෙස එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් එම කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් 28 කගෙන්  මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාරදී ඇත. එම වාර්තාවට තමන් අනුමැතිය  නොදුන් බව කතානායකවරයාට බාර දුන් …

ජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ

ජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙනි. මෙලෙස අද (19) එම ගැසට්ටුව ජනපති නියමයෙන් පළ කෙරුණේ එය ගැසට් කිරීමෙන් වළකින බවට…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා ?

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා ?

ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ලබන සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් එල් ඒ රත්නායක මහතා අද ප්‍රකාශ කළ අතර ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වෙනු ඇති බව දේශපාලන අංශ විශ්වාසය පළකරයි. ලබන සතිය තුළ, එනම් ජුලි 26 දාට පෙර ජනාධිපතිවරණ නිවේදනය නිකුත් කළහොත් මැතිවරණය සැප්තැම්බර් 26 දාට පෙර පවත්වා අවසන් කළ…

22 සංශෝධනය ජනාධිපතිවරණයෙන් පසුවට කල් දමයි

22 සංශෝධනය ජනාධිපතිවරණයෙන් පසුවට කල් දමයි

  විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. ජනාධිපත්වරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පරස්පරතා ඉවත් කිරීම මෙම සංශෝධනයේ අරමුණ වී තිබිණි….

පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ කීම බොරුවක් ; කිසි දිනෙක 12,000 කට වඩා අඳුරේ නැහැ – ඇමති කංචන විජේසේකර

පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ කීම බොරුවක් ; කිසි දිනෙක 12,000 කට වඩා අඳුරේ නැහැ – ඇමති කංචන විජේසේකර

විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ යැයි සමහරු ප්‍රචාරය කරන්නේ විසන්ධි කළ සම්බන්ධතා නැවත ලබා දී ඇති බව සැලකිල්ලට නොගෙන බවත්, පැය ගණනක දී හෝ දින කිහිපයක් තුළ හිග මුදල් ගෙවා  සම්බන්ධතා නැවත ලබාගන්නා බවත්, ඕනෑම දිනක විසන්ධි වී ඇති සඛ්‍යාව 12,000 ක් පමණ බවත් විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය…