| |

මහ භාණ්ඩාගාරය කඩනවා මම දන්නේ නෑ අනුරට එහෙම කියන්න ඉඩතියන්න එපා. – රටේ රාළ.

මහ භාණ්ඩාගාරයෙන් ඩෝලර් මිලියන 2.5 ක මහජන මුදල් අබිරහස් ලෙස අතුරුදහන් වෙලා.ආණ්ඩුව කියන්නේ හැකරුන් පැහැර අරන් කියලා.රටේ රාළ කියන්නේ මේක හැකරුන්ගේ පැහැර ගැනීමක් නෙවෙයි,මේක මේ ආණ්ඩුවේ ඉන්න කට හැකරුන්ගේ හොරකමක් කියලයි.ඇත්තටම මේක හොරකමක්. මහා භාණ්ඩාගාරයේම කට්ටිය සංවිධානාත්මකව කරපු සාපරාධී අපරාධයක්.
මේ වගකීමෙන් මිදෙන්න ජනාධිපති අනුරට බෑ.එයා රටේ ජනාධිපති විදිහටත්,ජාතික ආරක්ෂාව බාර ඇමති විදිහටත්,මුදල් ඇමති විදිහටත්,ඩිජිටල් ඇමති විදිහටත් මේ හොරකමේ වගකීමෙන් මිදෙන්න බෑ.ජනාධිපති අනුරගේ නම ඉස්සරහට එකතු වෙලා තියෙන කුණු පැල්ලම් අතරට හෝදන්න බැරි තවත් කුණු පැල්ලමක් එකතුවුනා.
කන්ටේනර් 323නේ කුණු පැල්ලම,අයිස් කන්ටේනර් දෙකේ කුණු පැල්ලම,දිත්වා සුළි කුණාටුවේ වගකීම් පැහැර හැරුමේ කුණු පැල්ලම,බාල ගල් අඟුරු කුණු පැල්ලම,ඩොලර් 286ට ඩීසල් ගැනීමේ කුණු පැල්ලම ඇතුළු කුණු පැල්ලම් අතරට එකතු වෙන අලුත්ම කුණු පැල්ලම තමයි භාණ්ඩාගාරය කඩලා ඇමරිකන් ඩොලර් මිලියන 2.5 හොරකම් කිරීමේ කුණු පැල්ලම.
ඊට අමතරව අනුරට ඉන්න කුමාර ජයකොඩි හා සමානම අනිත් ගෝලයා වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමටත් මේ හොරකමේ වගකිමෙන් මිදෙන්න බෑ.මේ හොරකම සම්බන්ධව දැන් ඔයාලා ගොඩක් දේවල් දන්නවා.ඒත් අපේ රටේ පුරවැසියන් විදිහට මේකේ නීතිමය සත්‍යය දැන ගන්න ඕනි.ඇත්තටම ඒක තමයි වැදගත්ම දේ.
මහ භාණ්ඩාගාරයෙන් විදේශ ණය ගෙවීමට තිබූ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) මුදල අස්ථානගත වීම හෝ හැකරුන් විසින් සොරා ගැනීම පිළිබඳ සාකච්ඡාව අද මුළු රටම කතාබහ කරන එකක්.මේ වංචාව හෙලිවෙලා තියෙන්නේ ජනවාරි මාසයේ.හැබැයි විපක්ෂය ප්‍රශ්න කරනකම් ආණ්ඩුවේ බලධාරීන් හිටියේ හොරේ හංගගෙන නිහඬව.
රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් එක රුපියලක්වත් නාස්ති නොකර සාංගික දේපල වගේ රකිනවා කියපු දේශපාලන බහිරවයත් නිහඩයි.බහිරවයාගේ බාල ගෝලයෝ ටිකත් නිහඩයි.ඒක නිසා රටේ රාළට මේ රටේ තක්කඩි ජනාධිපතිගෙන් සහ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියපු අනිත් ගොබ්බයින්ගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි.උඹලා මෙච්චර කල් බම්බු ගැහුවද කියලයි.
මාස තුනක් තිස්සේ CID විමර්ශන අධිකරණයට වාර්තා නොකිරීම බරපතල වැරැද්දක්.ඒක සම්පුර්ණයෙන්ම අනීතික තත්ත්වයක්. රටේ නීතීය සම්පුර්ණයෙන්ම නොසලකා හැරීමක්.ජනතාව දැන් අහන්නේ නීතිය බල්ලාට ගිහිල්ද බල්ලාට නීතිය ගියාද කියලයි. අපේ රටේ මුදල් පිලිබද වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට. හැබැයි පාර්ලිමේන්තුව මේක දන්නේ නෑ.
පාර්ලිමේන්තු මුදල් කමිටුවට තත්වය වාර්තා කරලා නෑ.රටේ මුදල් බලය තියන පාර්ලිමේන්තුවට හොරෙන් 2022 රටේ බංකොලොත්භාවය ප්‍රකාශ කරපු මහ බැංකුවක් තියන රටක් මේක.නන්දලාල් වීරවංශ මේ තත්වය නොදැන හිටියේ නෑ.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(1) වගන්තිය අනුව,මේ වගේ සංඥේය වරදක් ගැන තොරතුරු ලැබුණු වහාම පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා (B වාර්තාවක් ඉදිරිපත් කිරීම) කරන්න ඕනි.රටේ රාළ මාස තුනක් තිස්සේ බම්බු ගැහුවද කියලා අහන්නේ මේක රටේ නීතිය හිතාමතා පැහැර හැරීමක් හින්දයි.
මේක 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතට වැටෙන බරපතල වරදක්.රජයේ මුදල් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සහ විමර්ශන පමා කිරීම අපරාධයකට අනුබල දීමක් විදිහටයි නීතියේදී සැලකෙන්නේ.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව,ජනාධිපතිවරයා ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් මහජන දේපළවල අයිතිකරුවන් නොව භාරකරුවන් විතරයි.
එයාලා ඒ භාරය කඩ කරනවා නම් කඩකරන සියලු දෙනාම නීතිය ඉදිරියේ වග වෙන්න ඕනි.භාරකාරීත්වයේ මූලධර්මය ඒකයි. ඇත්තටම මෙතනදී වගවිය යුත්තෝ කවුද?
● මෙතනදී මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩලය.වත්කම්වල ප්‍රධාන භාරකරුවන් විදිහටත්.
● මුදල් අමාත්‍යාංශයේ ලේකම් රජයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විදිහටත්.
● විෂය භාර ඇමති/ජනාධිපතිවරයා රටේ මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම දරන්නා විදිහටත් මේ හොරකමට ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි.
ගල් අඟුරු ගන්නේ කාලා හපලා බලලා නෙවෙයි කිව්වා වගේ. “මම දැනගෙ සිටියේ නැහැ” කියලා කියන එක නීතිය ඉදිරියේ නිදහසට කාරණයක් නෙවෙයි.රටේ පුරවැසියන් විදිහට මේ තක්කඩි ආණ්ඩුවේ අනීතික නිහඬතාවය ඉස්සරහා අපටත් නිවටයෝ වගේ උඩ බලාගෙන නිහඬව ඉන්න අයිතියක් නෑ. මොකද අපි සියලු දෙනාම දැන් මේ වංචාවේ වින්දිතයෝ වෙලා ඉවරයි.
වින්දිතයෙකු විදිහට හරි මහජන යහපත වෙනුවෙන් පවරන නඩුවකින් (PIL) විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා CIDයට නියෝගයක් දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්.දැන් මේ ප්‍රශ්නයට අධිකරණමය මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි.
ඊළගට තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ මුදල් අමාත්‍යාංශයෙන් සහ මහ බැංකුවෙන් මෙම වංචාව සහ විමර්ශනවල තත්ත්වය පිළිබඳ ලිඛිත වාර්තා ඉල්ලන්න පුළුවන්. ඒ වගේම ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ අල්ලස් කොමිසමට විමර්ශන ප්‍රමාද කරන නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කරන්න ඕනි.
මොකද නීතිය ප්‍රමාද කිරීමක් සැලසෙන්නේ නීතිය අහිමි කිරීමක් විදිහටයි.මහජන දේපළ ආරක්ෂා කර ගැනීමට,වංචාකරුවන්ට සහ ඊට අනුබල දුන්න නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරගන්න පුරවැසියන් විදිහට ජනතාව මැදිහත් වෙන්න ඕනි. ඇත්තටම යුක්තිය ඉල්ලා ජනතාව පාරට බහින්න ඕනි.මේ හොරකම් කරලා තියෙන්නේ අපේ බදු මුදල්.
අනික මේ වැඩේ කරලා තියෙන්නේ හොරු අල්ලන මුවාවෙන් බලයට ආපූ අනුර බබා සහ හොරු 159ම දෙනාගේ කණ්ඩායමෙන්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *