.
රට ටිකෙන් ටික දැවැන්ත දේශපාලන අර්බුදයකට ගමන් කරමින් තියනවා.මේ තත්වය ලොකු ඛේදවාචකයකින් කෙලවර වෙන්න පුළුවන්.ඉස්සරහට එන අර්බුදයේ තරම පක්ෂ විපක්ෂ දෙපැත්තම හරියට තේරුම් අරන් නෑ.දෙගොල්ලොම කරන්නේ අඳුරේ අතපත ගාන එක.විපක්ෂය ප්‍රධාන කණ්ඩායම් දෙකකට බොදිලා.රනිල් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය සහ සජිත් නායකත්වය දෙන සජබය විදිහටයි.ඊට අමතරව නාමල් නායකත්වය දෙන පොදුජන පෙරමුණ තියනවා.
පොදුජන පෙරමුණත් ගොඩක් කිට්ටු ඒකාබද්ධ විපක්ෂයට.මේ විපක්ෂ කණ්ඩායම් දෙක තුන දැනටමත් සක්‍රීයයි.හැබැයි සක්‍රීය වෙන්න ඕනි එකට වැඩිය සක්‍රීය නොවෙන්න ඕනි එකට සක්‍රීය වෙලාද තියන සැකය තියනවා.විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් ඇතුලට 2029 ජනාධිපතිවරණ පොදු අපේක්ෂක වෛරසය රිංගලා.සජබයටත් ඒක තියනවා. හැබැයි මේ වෙලාවේ සජිත් ඒකට ෆයිට් කරන්නේ නෑ. කොහොමත් සජිත්ට සජබ අපේක්ෂකත්වය තියනවා.
සජිත් මේ වෙලාවේ අනුරත් එක්ක කීයටවත් face to face ඇටෑක් එකකට යන්නේ ලෑස්ති නැති බව පැහැදිලියි.සජිත්ව කොන්ට්‍රෝල් කරන මොකක් හරි බලයක් අනුර ළඟ තියනවා.අනුර ළඟ තියන ඒ බලය දුර්වල වෙනකම් සජිත් අනුර එක්ක විවෘත සටනකට එන්නේ නෑ.සජිත් බැහැලා සටන අතට අරගන්න පාටක් පේන්නේ නෑ.සජිත් බලාගෙන ඉන්නේ ජනතාව සහ විපක්ෂයේ අනිත් කණ්ඩායම් එලියට බැහැලා අනුරගේ බලය දුර්වල කරනකම් වෙන්න පුළුවන්.
විපක්ෂයෙන් සහ ජනතාවගෙන් එල්ලවෙන පිඩනයට වැඩිය පීඩනයක් අනුරට ඇතුලෙන් එල්ල වෙමින් තියනවා.එකක් පැලවත්තෙන් එල්ල වෙන පීඩනය.අනික අනුරගේ ඇතුලේ තියන පසුගාමීකම විසින් හදලා තියන කූලෑටි ගතිය.ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ 2029 ජනාධිපති අපේක්ෂක සටන කරලියට එන්න බලපාන ප්‍රධාන හේතු දෙකක් තියනවා.එකක් අනුරවත් මේ ආණ්ඩුවවත් තමන්ගේ ධූර කාලය සම්පුර්ණ කරන්නේ නෑ කියන විශ්වාසය ගොඩක් අයට තියනවා.
ඒක නිසා ජනාධිපති අපේක්ෂකකම ගැන එක එක්කෙනාගේ ඔළුවේ සිතුවිලි පහලවෙනවා.අනිත් කාරණය තමයි ඒකාබද්ධ විපක්ෂ කඳවුරේ ඇති වෙන්න නියමිත නායකත්ව හිස් තැන.දැනට ඒකාබද්ධ විපක්ෂයේ රනිල්ට අභියෝග කරන්න පුළුවන් නායකයෙක් නෑ.හැබැයි රනිල්ගෙන් වැඩක් ගන්නවා නං ගන්න තියෙන්නේ 2029 වෙනකං විතරයි.රනිල්ගෙන් පස්සේ ඒකාබද්ධ විපක්ෂ කඳවුරට නායකත්වයත් ඕනි.
ගොඩක් වෙලාවට ඒ නායකත්වය 2029 ජනාධිපති අපේක්ෂකයා වටේට ගොඩනැගෙයි.ඊළඟට ඉතින් රනිලුත් වෙන්ඩ ජනාධිපති හීනේ ඉන්න කිසි කෙනෙක්ගේ බලාපොරොත්තු සුන් කරන්නේ නෑ. හැම කෙනාටම රනිල් බලාපොරොත්තු දෙනවා.ජීඑල්ට හිතුනොත් ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනි කියලා.රනිල් කියන්නේ ඔයාට පුළුවන් කියලයි.එහෙම තරඟකරුවන් ගොඩක් හදලා අන්තිමට රනිලුත් තරඟයට එනවා.හැබැයි 2029 තරඟයට රනිල් එයි කියලා හිතන්න බෑ.
ඔන්න ඔය හිස් තැනට ඒකාබද්ධ විපක්ෂයේ තරඟයක් ඇතිවෙන්න එක නවත්න්න බෑ.රටේ රාළ කියන්නේ එතන සුදුස්සෝ නෑ කියලා නෙවෙයි.එතන ලයිස්තුව ගත්තොත් පාඨළී, රාජිත,දයාසිරි,දිලිත්,නාමල්,මිලින්ද මොරගොඩ වගේ සුදුස්සෝ ඉන්නවා.හැබැයි රටේ රාළ කියන්නේ මේ වෙලාවේ ඕනි ඔය තරඟය නෙවෙයි.මේ වෙලාවේ කරන්න ඕනි උපරිමයෙන් ජනතා විරෝධය කුළු ගන්වන එකයි.ඒක විපක්ෂය පැත්තෙන් වෙන්නේ නෑ.තවමත් ඒක කරන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්.
පෙනුමට නොතිබුණාට විපක්ෂයේ ලොකුම බලය තියෙන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතේ.ඊයේ සර්වජන බලය මහ භාණ්ඩාගාර මංකොල්ලයට එරෙහිව පාරට බැස්සා.ඒක හොඳ ප්රවනතාවයක්.විපක්ෂයේ තත්වය එහෙම උනත් සමහරු දැනටමත් ජනාධිපති,අඟමැති සහ විදේශ ඇමති නම් කරගෙන. ආණ්ඩුව පැත්ත බැලුවොත් දැන් ආණ්ඩුව වෙන්න ඕනි ගොඩක් දේවල් සිද්ධවෙලා ඉවරයි.දැන් වෙන්න තියෙන්නේ ජනතාව ඇවිත් එලවලා දාන එක විතරයි.ආණ්ඩුවට තිබුණ 68 ලක්ෂයේ ජනවරම දැන් ඉවරයි.
ආණ්ඩුව වටේට එකතු උන ජනතාව දැන් ආණ්ඩුව දාලා ගිහිල්ලා. ජවිපෙ මැයි දිනය කෑලි 21ට කඩන්නෙත් ඒක හින්දයි.වෙනදා මැයි දිනයට ගම් පිටින් ආපු තැන්වල දැන් ඉන්නේ එකයි දෙයි.ආයෙත් ගමේ ඉතිරිවෙලා ඉන්නේ පරණ ජෙප්පෝ ටික විතරයි.මැයි දිනයෙන් පස්සේ ඒකත් නැතිවෙයි.මැයි දිනය කියන්නේ කම්කරු බලවේග එක තැනකට ගෙනත් බලවත් පණිවිඩයක් දෙන දවසක්.නිකං හිතන්නකෝ පොලොන්නරුවේ මැයි රැලියයේ ටීබී සරත්ගේ කතාව අහලා යන ජෙප්පන්ට මොනවා හිතෙයිද කියලා.
යමක් කමක් තේරෙන ජෙප්පොත් ඉන්නේ පට්ට කළකිරීමක. වැඩේ අවුල් බව දැන් ඩයි සීයටත් තේරිලා තියනවා.ජවිපෙ දැන් ආයෙත් අලුත් තියරි හදාගෙන ජෙප්පන්ගේ මොළ හෝදන්න පටන් අරන්.දැන් ආණ්ඩුවට ඉන්නේ 3%නේ ජෙප්පෝ ටික විතරයි.උන් ටිකත් නැති උනොත් සදා සොත්ති තමයි.දැන් ටිල්වින් ජෙප්පන්ට අලුත් තියරියක් හදලා දීලා.දැන් කියන්නේ බලය ගැනීමේ උපක්‍රමයක් විදිහට ධනපති පන්තියත් එක්ක එකතු වුනා කියලයි.
ජෙප්පන්ගේ නායකයා අනුර උනාට අනුරගේ නායකයා ධම්මික පෙරේරා බව ජෙප්පන්ටත් දැන් තේරෙනවා.ධම්මික පෙරේරගේ නායකයා බැසිල්.ඔය අවස්ථා සම්බන්ධය තේරෙන ජෙප්පන්ට යකා නගිනවා.අනුර ඉන්නේ ධම්මිකලා,ඉෂාරලා,යුසුෆ් හනිෆාලා, සේනාපතිලා,ෂමිමිලා පිරිවරාගෙන.ඒක නිසා දැන් හිත රිදිලා ඉන්න ජෙප්පන්ට මොකක් හරි තියරියකින් තෙලක් බෙදන්න ඕනි. ඒකට තමයි කියන්නේ බලය ගැනීම වෙනුවෙන් ධනපති පන්තියත් එක්ක එකතු වුනා කියලා.
හැබැයි ඉතින් ජෙප්පන්ට මොලේ කළදක් හරි තියනවා නං අහන්න ඕනි හරි බලය ගැනීම වෙනුවෙන් ධනපති පන්තියත් එක්ක එකතු උනාට කවුද උඹලට ධනපතියෝ වෙන්න කිව්වේ කියලා.මාලිමාව කැබිනට් එකේ අති බහුතරය කෝටිපතියෝ.අර හිඟන ජීවිත ගත කරපු ලාල්ලා,ටොපී විකුනපු වසන්තලා,වඩේ විකුණපු අනුරලා,හිල් යට කලිසම් ඇන්ද හදුන්ලා ඔක්කොම එකපාරට දේපල හිමි පන්තියට ගියේ කොහොමද කියලා ජෙප්පෝ අහන්න ඕනි.
එක්කෝ උඹලා කන්න නෑ,අදින්න නෑ කියලා අපිට බොරු කළා, නැත්තං උඹලා හොරකම් කළා.ඔය දෙකෙන් එකයි වෙන්න පුළුවන්.ඊළඟට ජෙප්පන්ට ටිල්වින්ලා කියන තව කතාවක් තමයි අපිට අද්දැකීම් නැති බව ඇත්ත.ඒත් අපි හොරු නෙවෙයි.අපෙන් වෙන්නේ අත්වැරදීම් කියලා.එතකොට අවුරුදු 23ක් විජිත සහ අනුර පාර්ලිමේන්තුවේ ඉඳන් පොල් ගෑවද?ටිල්වින්ගේ දැන් වයසත් එක්ක තව අද්දැකීම් අරගෙන කරන්න කාලයක් තියනවද?මොලොව අද්දැකීම් පරලොවට එච්චරම වැඩක් නෑ.
එහෙනම් හොඳම වැඩේ අද්දැකීම් තියන කට්ටියට දීලා ගෙදර යන එක.ටිල්වින්ලා අද්දැකීම් ගත්තේ මොනවටද කියලා අපෙන් අහගන්නේ නැතිව හිටියොත් තමයි හොඳ.ඉතුරු වෙලා ඉන්න ජෙප්පන්ගේ මොළ හෝදලා මේක ආපහු හරවන්න බෑ. අනිවාර්යෙන්ම ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව නැගිටිනවා. පාරට බහිනවා.එතනදී ලේ වැගිරීමක් වෙනවා.දෙපැත්තම ලොකු ඩැමේජ් එකක් වෙන සටනක් අත ළඟ.ඒ විනාශය වළක්වා ගන්න ඕනි.ඒකයි දියුණු බලවේගයක් විපක්ෂයේ සටන අතට ගන්න ඕනි.
දැන් මේ රටට ඕනි අලුත් ජනවරමක්.මාලිවේ ජනවරම දැන් ඉවරයි.ජනතාව පාරට එන්න ඕනි නව ජනවරමක් ඉල්ලගෙන. එතකොට අරගලයේ බලාපොරොත්තූව නව ජනවරමකින් බලයට පත්වෙන රජයක්.ජෙප්පන්ට ඒ අවස්ථාව දීලා යන එක හැර වෙන උත්තරයක් නෑ.මේ පාර්ලිමේන්තුවට පුළුවන් ස්වකැමැත්තෙන් විසිරෙන්න.දැන් මහ මැතිවරණයකට යන්න ඕනි.ඒ ඉල්ලීම දිනාගන්න ජනතාව පාරට එන්න ඕනි.ඒ නව ආණ්ඩුවේ නායකයාට තමයි අනුරගේ කොටේ අදින්න වෙන්නේ.
මේ පාර්ලිමේන්තුව තියාගෙන කොටයක් අදින්න එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියලා රටේ රාළ හිතෙන්නේ නෑ.අනුරට තිබුණ සියලු විකල්ප මඟහැරිලා ඉවරයි.
