බැඳුම්කර පචයෝ 2 – මාධ්‍යයට බොරු කියා ජනාධිපති කොමිසම ඉදිරියේ පච වු හැටි – සී ජේ අමරතුංග

බැඳුම්කර පචයන් යැයි අප හඳුන්වන මෙම කණ්ඩායම එම මහා බොරුව ගොඩ නැගුවේ ඒකාබද්ධ විපක්ෂය කියාගෙනය. එහි දී කළ ප්‍රධාන කාර්යයක් නම් බැදුම්කර ගනුදෙනුවේ දී විශාල වංචාවක් සිදු වු බව සමාජ ගත කිරීමයි. ඒ ඔවුන් පොලී අනුපාත ඉහළ ගිය හා වෙනත් කතා කියමින් රටට ට්‍රිලියන ගණනක් පාඩුවක් සිදු වු බව ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කළේය. එසේ කළේ වෙන කිසිවක් සඳහා නොව තම පාලන සමයේ සිදු වු මහා පරිමාණ වංචාවලින් මහජන අවදානය වෙනතක හැරවීම සඳහාය.
මෙම පචය මාධ්‍ය හරහා සමාජ ගත කළද ජනාධිපති කොමිසමට එම කරුණු කියන්නට ඔවුන් උත්සාහ දැරුවේ නැත. ඒ තම බොරුව හෙළිදරව් වන නිසාය. කෙසේ වෙතත් මාධ්‍යවලින් ප්‍රශ්න කළේ එම තොරතුරු ගණන් හිලව් බැඳුම්කර වංචා ගැන සොයන්නට පත්කළ ජනාධිපති කොමිසමට ඉදිරිපත් නොකරන්නේ ඇයි කියාය. 2017 මාර්තු 07 දා එයට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේ මේ ගැන කරුණු දක්වන්නට ඒකාබද්ධ විපක්ෂය ලෙස තමන් ජනාධිපති කොමිසමෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බවකි. බන්දුල ගුණවර්ධන මහතා ඒ කීවේ තවත් පචයකි. කෙසේ වෙතත් එය ඇසූ ජනාධිපති කොමිසම වහාම ඔහු කැඳවා විමසීමක් කළේය.
තමන් කීවේ බොරුවක් බව ජනාධිපති කොමිසම හමුවේ පිළිගත් බන්දුල ගුණවර්ධන මහතාගෙන් කොමිසම ඔහුට කියන්නට තිබෙන දේ විමසුවේය. එවිට බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව ගැන ඔහු කී දේ යම්කිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉදිරිපත් විය යුතු බව කොමිසම කී විට බන්දුල ගුණවර්ධන කීවේ එය තමන්ගේ මතය පමණක් බවයි.
එදින බන්දුල ගුණවර්ධන මහතා කොමිසමෙන් ඉවත්ව ආවේ මේ පාඩුව ගැන විධිමත් වාර්ථාවක් සකස්කොට කොමිසමට භාර දෙන බව කියමිනි. එහෙත් එබඳු වාර්තාවක් කොමිසමට මේ පචයන්ගෙන් නොලැබුණු බව කොමිසම තම වාර්තාවේ සඳහන් කොට ඇත.
මෙම කරුණු කොමිසම් වාර්තාවේ 5.5 කොටස ලෙස 92 හා 93 පිටුවල සඳහන් වන්නේ මේ ආකාරයෙනි.
කොටස 5.5 ගරු බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී
“ඒකාබද්ධ විපක්ෂය” ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන තමන්ට පරීක්ෂණ කොමිසමට වාර්තාවක් භාරදීමට හා සාක්ෂි දීමට අවස්ථාවක් ලබා දෙන ලෙස තමන් පරීක්ෂණ කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා 2017 මාර්තු 07 දින රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කළේය.
පරීක්ෂණ කොමිසමට තමන් ඉදිරිපත් කිරීමට කැමති ඕනෑම කරුණු දැක්වීමක් සඳහා අවස්ථාව ලබා ගැනීමට 2017 පෙබරවාරි 28 දා ට පෙර ඉල්ලුම් කරන ලෙස 2017 පෙබරවාරි 9 සහ 10 දිනවල ප්‍රසිද්ධ දැන්වීමක් පළ කර තිබුණද 2017 මාර්තු 07 වන විටත් ඉහත කී ආකාරයේ ලිපියක් පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් කොට නොතිබුණු නිසා ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය කරුණුමය වශයෙන් වැරදිය.
එබැවින් මේම කරුණුමය වශයෙන් වැරදි ප්‍රකාශය ගැන දැනගත් වහාම මෙම පරීක්ෂණ කොමිසම ගරු බන්දුල ගුණවර්ධන මහතාට 2017 මාර්තු 09 දින පරීක්ෂණ කොමිසම හමුවට කැඳවන ලද්දේ එබඳු කරුණුමය වශයෙන් වැරදි ප්‍රකාශයක් කළේ ඇයි දැයි පැහැදිලි කරගනීම සඳහාය.
2017 මාර්තු 09 දින අප ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ තමන්ගේ ප්‍රකාශය කරුණුමය වශයෙන් වැරදි බව ගුණවර්ධන මහතා පිළිගත්තේය.
ගුණවර්ධන මහතා අප ඉදිරියේ පෙනී සිටින්නට මිනිත්තු කිහිපයකට පෙර 2017 මාර්තු 09 උදේ පෙරවරු 09.40ට එනම් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයෙන් දින දෙකකට පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 26 දෙනකු අත්සක් කළ බව කියන ලිපියක් මෙම කොමිසමට ලැබිණි. මෙම කොමිසම විසින් පරීක්ෂා කරනු ලබන ඇතැම් කාරණා පිළිබඳව එම ලිපියේ කරුණු අඩංගුව තිබිණි.
එබැවින් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේ එම ලිපියේ අඩංගු කරුණු ගැන එදිනම හෝ වෙනත් දිනයක හෝ සාක්ෂි දීමට කැමතිද යනුවෙනි. එම ලිපියට අත්සන් තැබු සියලු දෙනා වෙනුවෙන් එදිනම සාක්ෂි දීමට සූදානම් බව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඊට අමතරව ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ ගරු එම්. අලුගමගේ හා ගරු වීරකුමාර දිසානායක මන්ත්‍රීවරුන්ටද පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි. ඒ ඔවුන් දෙදෙනා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු පරීක්ෂා කළ කෝප් කමිටුවේ සාමාජිකයන් ලෙස ද කටයුතු කළ නිසාය.
ඉන්පසුව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පහත සඳහන් ක්ෂේත්‍ර හතර ගැන පරීක්ෂණ කොමිසමේ අවධානය යොමු කිරීමට තමන් කැමති බවයි.
- 2015 පෙබරවාරි 27 වැනිදා පැවති භාණ්ඩාගාර බඳුම්කර නිකුතුවේදී පර්පචුවල් ට්‍රෙසරීස් සමාගම වෙනුවෙන් ලංකා බැංකුව සමස්ථ එකතුව බිලියන 13ක් වන ප්‍රමාණයක් සඳහා ලන්සු ඉදිරිපත් කිරීම හා එම ගනු දෙනුවෙන් පැන නගින ප්‍රශ්න.
- පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගම හා සේවක අර්ථසාධක අරමුදල අතර ගනුදෙනු සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සහ 2015 මාර්තු 29 හා මාර්තු 31 දිනවල භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා.
- පරීක්ෂණ කොමිසම විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලදී ආර්ථිකයට සිදු වී ඇති පාඩුව එනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්ති නාමයට සිදු වු හානිය, අවස්ථා නැතිවීමේ පාඩුව ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණය වීම ආදියේ එකතුව.
- 2014/2015 සහ 2015/2016 මුදල් වර්ෂවලදී සහ 2016 අප්‍රේල් 01 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පර්පරචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගෙන ඇති අධික ලාභය.
ගුණවර්ධන මහතාට පරීක්ෂණ කොමිසම පෙන්වා දුනනේ ඉහත (3) යටතේ වන පාඩුව සම්බන්ධයෙන් තහවුරු කිරීමට නම් ඒ පිළිබඳව දත්ත සහිත වාර්තාවක් ඉදිරිපත් විය යුතු බව හා එම වාර්තාව සකස් කළ අයගේ සාක්ෂියද අවශ්‍ය බවයි. සිදුවු බව කියන මෙම පාඩුව “මගේ මතයක්” බව ගුණවර්ධන මහතා එහිදී පිළිගත්තේය. සිදුවු බව කියන පාඩුව සම්බන්ධයෙන් දත්ත සහිතව විස්තර කරෙන ලිඛිත වාර්තාවක් තමන්ට ඉදිරිපත් කළ හැකි බව ගුණවර්ධන මහතා ප්‍රකාශ කෙළ්ය. කෙසේ වෙතත්, ගුණවර්ධන මහතා විසින් එබඳු වාර්තාවක් ඉදිරිපත් කළේ නැත.
ඉහත ඉදිරිපත් කළේ බැඳුම්කර ගනුදෙනුව පරීක්ෂා කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ කොටසකි. මෙයින් හොඳටම පෙනෙන්නේ මෙම “බැඳුම්කර පචයන්” රටට කියන බොරු ඔවුන්ම ගොතා ගත් “අතේ රෝල්” බවයි. මොවුන් මේ පච කෙළින්නේ දැන දැනමය.
