කටුනායක, බියගම වෙළඳ කලාප හැදුවේ UNP අපි, තවත් කර්මාන්තපුර 15 ක් හදනවා..!

අනාගතය තීන්දු කරන ප්රමුඛ බලවේගය ලෙස යොවුන් පරපුර සවිමත් කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ බදුල්ලේ ඊයේ (10) පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියකදීයි.
” අපි දැවැන්ත වැඩකොටසක් මේ රට වෙනුවෙන් අපි සංවිධානය කරලා තියෙනවා. මේ රටේ යොවුන් පරපුර වෙනුවෙන් කර්මාන්තපුර 15 ක් ආරම්භ කරලා ඔවුන්ට සවියක් වෙන්න අපි කටයුතු කරනවා. යොවුන් පරපුර මේ රජයේ කොටස්කරුවන් බවට පත් කර ගන්නා බව” මෙහිදී ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.
සියලු ජාතීන් සහ සියලු ආගමිකයින් සිය පාලනයක් යටතේ සුරක්ෂිත කරන බවට ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙහිදී නැවත ප්‍රතිඥා ලබාදුන්නා.
අනිවාර්යයෙන් මේ රට සුරක්ෂිත දේශයක් බවට පත්කරනවා. බෞද්ධාගමට මුල්තැන ලබාදෙන අතරම අනෙක් ආගම් සහ ජාතීන්ද ආරක්ෂා කරගනිමින් එක්සේසත් රටක් ඇති කරන බවට” මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ විසින් මෙම ප්රචාරක රැළිය සංවිධාන කර තිබුණා.
ape rata .net
