තමන් කළ වරදට ජනතාවට දඬුවම් දෙන ආණ්ඩුව – අනුර සූරියබණ්ඩාර

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා කළ ප්‍රකාශය අනුව රට පවතින්නේ අතිශය අමාරු තත්ත්වයක බව යළිත් පැහැදිලි විය. රටේ ආදායම යහපත් වන තුරු තවත් ට්‍රිලියනයක රුපියල් නිකුත් කරන්නට සිදුවනු ඇති බවද එහිදී සඳහන් කෙරිණ. මුදල් අලුතින් නිකුත් කිරීම යනු මුදල් සැපයුම තවත් වටයකින් ඉහළ යාම ය. මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනය ඉහළ නැංවීමට හේතුවේ. එහි අදහස පවතිනවාටත් වඩා අසීරු අඩියකට ජන ජීවිතය ඇදවැටෙන්නට නියමිතය යන්නය.
පවතින අර්බුදයට හේතුව පවතින්නේ ආණ්ඩුව පාර්ශ්වයේ බවට සැකයක් නැත. 2019 බදු ක්‍රමය අහෝසි කිරීම හේතුවෙන් පමණක් මෙරටට අහිමි වූ රුපියල් ප්‍රමාණය බිලියන 6.6ක් බව අගමැතිවරයාම කියයි. එයට අමතරව පවතින අර්බුදයට රට පත්වීම කෙරෙහි බලපෑ ආණ්ඩුවේ තීරණ කිහිපයක් සම්බන්ධයෙන් ද අගමැතිවරයා පාර්ලිමේන්තුවට කීවේය. ජපානයෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන්නට තිබුණු එල් එන් ජී බලාගාර දෙකක් විදුලිබල මණ්ඩලය විසින් සාධාරණ හේතුවකින් තොරව නැවැත්වූ බව ඉන් එකකි.2019 ජපානය ඩොලර් බිලියන තුනක පමණ ව්‍යාපෘති ලබාදෙන්නට එකඟ වී සිටියත් හේතු නොදක්වා ඒවා අත්හිටවූ බව තවත් කරුණකි. විදුලි බල අවුලකට මුහුණ දී ඇති රටකට ලැබෙන්නට තිබුණු එල් එන් ජී බලාගාර දෙකක් නවත්වා ඇතැයි යනු සුළුපටු කාරණයක් නොවේ. ඩොලර් නැතැයි කියමින් දිනපතා කියන අතර ඩොලර් බිලියන තුනක ව්‍යපෘති අත්හිටුවා ඇත යනු ද බරපතළ වරදකි. ගැටලුව වන්නේ අගමැතිවරයාගේ කතාව තුළ ඒ වැරදි කළ තැනැත්තන්ට එරෙහිව ගන්නා පියවර පිළිබඳ සඳහනක් නොතිබීමය.
රටේ අර්බුදයක් පවතින බව කිසිවකු කිසිවකුට අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුව අනුගමනය කරමින් සිටි ආර්ථික පිළිවෙත අනුව රට අද පවතින තත්වයට පත්වන බවට මින් පෙර බොහෝ අය අනාවැකි ද පළ කළහ. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැත. දැන් එහි වන්දිය ගෙවන්නට ජනතාවට සිදුව තිබේ.
රටේ අර්බුදයක් පවතින බව කිසිවකු කිසිවකුට අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුව අනුගමනය කරමින් සිටි ආර්ථික පිළිවෙත අනුව රට අද පවතින තත්වයට පත්වන බවට මින් පෙර බොහෝ අය අනාවැකි ද පළ කළහ. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැත. දැන් එහි වන්දිය ගෙවන්නට ජනතාවට සිදුව තිබේ.
අගමැති ගේ අපේක්ෂාව ජනතාව පීඩාවට පත් නොකිරීම බව කියුවද පසුගිය බදු සංශෝධනය හේතුවෙන් ඇතැම් භාණ්ඩයක මිල 100% පමණ ඉහළ යන තත්ත්වයක් පවතී. 2019 වසරේ රුපියල් 1493/-ක් ව පැවති ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6850/-කි.එය 300% ක පමණ මිල ඉහළ යාමකි. ඩීසල් සහ පෙට්‍රල් අතර පැවැත් මිල පරතරයද වර්තමාන මිල සංශෝධනයේදී බෙහෙවින් පහළ දමා තිබේ. පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිලේ වෙනස රුපියල් 20/-ක් පමණි. ඩීසල් මිල ඉහළ නැංවීම භාණ්ඩ ප්‍රවාහනය සඳහා පිරිවැය ඉහළ යාමට හේතු වන බැවින් භාණ්ඩ මිල ඉහළ යාම සඳහා එයද ඍජුවම බලපානු ලැබේ. පාසල් ප්‍රවාහන ගාස්තු සහ බස් ගාස්තු ආදිය ඉහළ යාමට ඩීසල් මිල බලපායි.පෙට්‍රල් යනු සුඛෝපභෝගී වාහන සඳහා වන ඉන්ධන ය යන පදනමේ පිහිටා ඩීසල් සඳහා සහනයක් දීමේ පිළිවෙත පවා ආණ්ඩුව විසින් අමතක කර තිබේ. ජනතාව පීඩාවට පත් නොකරන්නට නම් ඉන්ධන මිල වැඩිකිරීමේ දී මීට වඩා සැලකිලිමත් වන්නට තිබුණි.
ආහාර සුරක්ෂිතතාව නැංවීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව අගමැතිවරයා කියු නමුත් වගා කිරීම සඳහා ජනතාවට පොහොර ඩීසල් බීජ කිසිවක් ඇත්තේද නැත. ඒවා සැපයීම සඳහා වන වැඩපිළිවෙළද පැහැදිලි නැත. වියදම් කපා හරින්නට කතා කරන අතර චක්රලේඛයකින් ඊමේල් පණිවිඩයකින් දිය හැකි උපදෙස් දීමට ගමට ගොස් ජනතා විරෝධයට කොටුවූ කෘෂිකර්ම ඇමැතිවරයා ගැන පුවත් අසන්නට ලැබේ. රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් තුළ සහනාධාර සීමාව ඉහළ නංවන්නට කරන ප්‍රකාශය ද විශ්වසනීයත්වයෙන් තොරය. අනෙක වර්තමානයේ පවතින සමෘද්ධි වැනි සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ දේශපාලන සහ නිලධාරින් ගේ අවශ්‍යතාව අනුව මිස විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවේ. එවැනි යාන්ත්‍රණයක් මගින් සහනාධාර වැඩසටහන් අත්‍යවශ්‍ය පිරිස් අතරට ළඟාවනු ඇතැයි විශ්වාස කරන්නට හැකියාවක් ද නැත.
අපනයන ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කිරීම , රටේ පිහිටීමේ උපායමාර්ගික වැදගත්කම ප්‍රයෝජනයට ගනිමින් රට සංවර්ධනය කරා ගෙනයාම වැනි කියුම් පසුගිය කාලය පුරාම ජනතාව අසා ඇති එහෙත් යථාර්ථයක් බවට පත් නොවූ සංකල්ප වේ.
අපනයන ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කිරීම , රටේ පිහිටීමේ උපායමාර්ගික වැදගත්කම ප්‍රයෝජනයට ගනිමින් රට සංවර්ධනය කරා ගෙනයාම වැනි කියුම් පසුගිය කාලය පුරාම ජනතාව අසා ඇති එහෙත් යථාර්ථයක් බවට පත් නොවූ සංකල්ප වේ.
අලුත් ම ඉලක්කය 2045දී රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමය. ඉලක්කය හොඳ නමුත් එය ඉටුවේයැයි විශ්වාස කළ නොහැකි එමෙන්ම දිගුකාලීන ඉලක්කයකි. වර්තමාන අර්බුදය හමුවේ ජනතාවට අවශ්‍යව ඇත්තේ රට සංවර්ධිත රාජ්‍යයක් කරන්නට පෙර වර්තමානයේ තමන් මුහුණ දෙන ප්‍රශ්න වලට ඉක්මනින් විසඳුම් ලැබෙනු දැකීමය.ගැටලුව වන්නේ අගමැතිවරයාගේ ප්‍රකාශය තුළ කළයුතු දේ ඇති නමුත් කරන ආකාරය සම්බන්ධයෙන් කිසිවක් අඩංගුව නොතිබීමය. අවම වශයෙන් වත්මන් ආණ්ඩුව යටතේ සුදුලූනු වංචාව , සීනි බදු සහනය ආදිය මගින් රටට සිදුවූ පාඩුව ජනතාව මතම පවරනු හැර වෙනත් විකල්පයක් ගැන යෝජනාවක් හෝ නැත. අගමැතිවරයා දූෂණයෙන් වංචාවෙන් තොර රටක් අනිවාර්යයෙන්ම ගොඩනැංවිය යුතුය කියා ආපසු හැරෙන්නටත් පෙර විදුලි ඉංජිනේරුවන් කියන්නේ ටෙන්ඩර් පටිපාටිය කඩමින් විදුලි බලාගාර ඉඳිකරන්නට බලය ලැබෙන යෝජනාවක් සම්මත කරන්නට පාර්ලිමේන්තුව සැරසෙන බවය. හොරුන්ට දඬුවම් දියහැකි ශක්තිමත් නීති ඇති පාලනයක් ගැන අගමැතිවරයාගේ ප්‍රකාශ සුරංගනා කතාවක කොටසක් වී, හොරුන් සහ දූෂකයන් නිදැල්ලේ සිටියදී දූෂණ වංචා අකාර්යක්ෂමතා සියල්ලේ බර ජනතාවගේ හිස මත පැටවෙන බව නැවත නැවතත් ඔප්පු වෙමින් තිබේය කියා මේ සටහන අවසන් කරන්නට සිදුවීම වැලැක්විය නොහැකි වන්නේ එකී හේතු නිසාය.
අනුර සූරියබණ්ඩාර
|
|
|||||
