“මගේ අරමුණු ඉටුවුණා ” : නඩු අයින් කරගෙන බැසිල් යයි !

තමන් යලි ශ්‍රී ලංකාවට එන විට අරමුණු දෙකක් තිබු බවත්, තමන් නිසා පරාද වූ බව කී මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට ගෙන ඒම සහ තමන්ට තිබු නඩුවලට මුහුණ දීම එම අරමුණු දෙක බවත්, එම අරමුණු දෙක ම ඉටු කරගත් බවත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීමට බැසිල් රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව තිබු නඩු ඉවත් කරවා ගැනීමට පසුගිය කාලයේ ඒ මහතාට හැකියාව ලැබිණි.
තමන් මින් පසු රාජ්‍ය පාලනයට හවුල් නොවන බවත්, දේශපාලනයේ දිගට ම සිටින බවත් ඒ මහතා කී ය.
