|

අයි එම් එෆ් ඊළඟ වාරිකය ලැබුණත් නැතත් ආණ්ඩුව වැටෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය තවමත් අනුමත කොට නැති බවත්, අයවැය සලකා බලා එම මුදල දුන්නත්,නැතත් ආණ්ඩුවේ වැටීම නැවැත්විය නොහැකි බවත්, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මෙතෙක් රට පාලනය කළ පාලකයන්ට රට ගොඩ නැගීමේ කුමන හෝ සැලැස්මක් දර්ශනයක් තිබුණු නමුත් වත්මන් පාලකයන්ට එබාන්දු දැක්මක් නැති බව කී අබේවර්ධන මහතා කීවේ මේ අයවැය ගැන කියන්නට දෙයක් නැත බව සහ මහජනයාගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් එය තුළ නැති බව යි.

කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් කීවේ මෙම තත්ත්වයට වැරදි තීරණ ගත් ජනතාව ද වගකිව යුතු බව යි.

රජයේ නිලධාරීන්ට විවිධ චෝදනා එල්ල කොට සිරගත කරන නිසා දැන් රජයේ නිලධාරීන් වගකීම් භාර නොගන්නා බවත්, රට නැවතී ඇති බවත් ඒ මහතා කී ය. නිලධාරීන් සත් භාවයෙන් කරන ක්‍රියා වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂාව සැපයීම අවශ්‍ය බව ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *