|

විදුලි දුම්රියට ඉස්සෙල්ලා ගේන එක – අස්පට් ෂූටිං.

May be an image of train and railroad
ආයුබෝවන් මචං……ඇහුවද අපේ ලප කුමාර සහෝදරයා කියලා තියන අලුත්ම කතාව.ඒ කතාවට අස්පට් ෂූටිංට මාර සතුටක් දැනිලා ඒ එක්කම මාර දුකකුත් දැනුනා. මචං ලප කුමාර කියනවා පොරගේ පාලනයක් යටතේ අපිට අනිවාර්යයෙන්ම විදුලි දුම්රිය සේවාවක් ලබා දෙනවා කියලා.
කොච්චර හොඳද මචං….අද ලෝකේ දියුණු රටවල් ඔක්කොගේම වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් රේල්වේස්. අපි වගේ රටවල් විතරයි ඩීසල්,ගල් අඟුරුවලින් තාම දුවන්නේ.අපේ දුම්රිය සේවයත් එහෙම දියුණු වෙනවා නං කොච්චර හොඳ සහෝදරයා.
ඒක හින්දා අස්පට් ෂූටිනුත් හිතුවා මේ පාර ලප කුමාර සහෝදරයට ඡන්දය දෙන්න.එහෙම පහන් සිතුවිල්ලක් ඇතිවෙලා වැඩිවෙලා යන්න උනේ නෑ මචං අස්සට් ෂූටිංට ලපයා එක්ක එකපාරට මළ පැන්නා.
ඇයි බං 2019 අපේ රටට එන්න නියමිතව තිබුණ සැහැල්ලු දුම්රියත් ඉලෙක්ට්‍රික් power වලින් දුවන එකක්නේ.ඒකත් විදුලි දුම්රියක් තමයි.අර LRT එක.ඒක එනවට එදා ලපයලානේ විරුද්ධ වුනේ.
මතකනේ මචං වපර සිංහ සහෝදරයා ප්‍රසිද්ධ රූපවාහිනියකට ඇවිත් කියපුවා.ඒකේ එන්නේ එක රේල් පීල්ලයි.එහේ ඉදන් එන කොච්චියට ආපහු යන්න පීල්ලක් නෑ කියලා.මචං ලපයා හෙම හිතාගෙන ඉන්නේ එහෙන් එන කොච්චි පෙට්ටි ටික මෙහෙන් කන්ටේනර්වල පටවගෙන ආපහු පටන් ගන්න තැනට ගිහින් ආයෙත් සෙට් කරලා එවනවා කියලා.
අපරාධි සල්ලි නාස්තියක් කියලා එදා වපරයා මැරෙන්න හදුවා.මචං එදා ඒ විදුලි දුම්රිය ව්‍යාපෘතියට විරුද්ධ උනේ ජෙප්ස්ලයි,මහීලයි. මහීලා විරුද්ධ උනේ කොමිස් මදි හින්දා.ජෙප්ස්ලා විරුද්ධ උනේ කුහකකම හින්දා.
මචං හයිවේ එකටත් ජෙප්ස්ලා විරුද්ධ වුනා.Port city එක හැදුවොත් රටේ කළු ගල් ඉවර වෙනවා කිව්වා.උමා ඔයේ ටනල් එකේ හිලක් කිව්වා.හම්බන්තොට වරායේ ගලක් කිව්වා.
දැන් මචං ඒ ජෙප්ස්ලම කියනවා ලප කුමාර ආවම විදුලි දුම්රිය ගේනවා කියලා.මචං මේ හාදයෝ ඔහොම ආපු සංවර්ධන යෝජනා ක්‍රම කියක් නං කඩා කප්පල් කලාද?ඒවටම හදා ගත්ත විකෘති සමිති ටිකකුයි විකෘති සාමාජිකයෝ ටිකක් ලප කුමාරලට ඉන්නවා.
වැඩවර්ජන කරලා මේ රටට එන සංවර්ධන ව්‍යාපෘති කීයක් නං ජෙප්ස්ලා කඩාකප්පල් කලාද?එහෙම කරපු ජෙප්ස්ලම දැන් කියනවා අනාගතේ සංවර්ධනය ගේනවා,විදුලි දුම්රිය ගේනවා කියලා.privet campus ගේනලා කියලා.එතකොට මචං ජෙප්ස්ලා කරලා තියෙන්නේ අපට මීට අවුරුදු ගාණකට උඩදී එන්න තිබුණ සංවර්ධන නතර කරපු එක නේද?
දැන් බලනකොට ජෙප්ස්ලා සංවර්ධනය නතර කරලා තියෙන්නේ ජෙප්ස්ලා ආවම කරන්න.ඒ කියන්නේ ලපයා එනකං අපි දුක් විදින්න ඕනි.මචං ලපයා නිතර කියන්නෙත් ඕකමනේ අපි ආවොත් කරනවා කියලනේ.
ලපයලා එන්නෙත් නෑ.වෙන කාටවත් කරන්න දෙන්නෙත් නෑ. මචං ජෙප්ලා තරං දේශපාලන කුහකයෝ ලොවෙත් නෑ.ලපයලා ඇවිත් විදුලි දුම්රිය ගේන එක කෙසේ වෙතත් ” විදුලි පුටුව ” නං ගෙනෙයි.
විදුලි දුම්රියේ යවනවා කියලා බලය අරන් සියලු විරුද්ධවාදියෝ විදුලි පුටුවේ නං යවයි.
අස්පට් ෂූටිං.
May be an image of train and railroad

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *