දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ.
මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලබාගෙන තිබේ.
මෙම පත්වීම සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද ලැබී ඇති බව වාර්තා වෙයි. ඒ බහුතර ඡන්දයෙනි.
ව්‍යවස්ථා සභාවේ ඡන්ද පහක් දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට පක්ෂව ලැබුණු බව වාර්තා වෙයි. දෙදෙනෙකු විරුද්ධ වී ඇති අතර දෙදෙනකු පැමිණ සිටියේ නැති බව ද වාර්තා වෙයි.
