දේශබන්දු පොලිස්පති කරන්න කතානායක දුන් ඡන්දය වලංගු නැහැ – සජිත් ප්‍රේමදාස

ව්‍යවස්ථා සභාවේ දී කතානායකවරයාට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ ඡන්ද සම වූ අවස්ථාවක පමණක් බවත්, එබැවින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කිරීමට ව්‍යවස්ථා සභාවේ බහුතර අනුමැතිය ලැබී නැති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
තෙන්නකෝන් මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් හතර දෙනෙකු පක්ෂ වූ අතර දෙදෙනකු විරුද්ධ වූ බවත්, දෙදෙනකු ඡන්දය නොදුන් බවත්, විපක්ෂ නායකවරයා කියයි. එවිට ඡන්ද ප්‍රමාණය හතරට දෙකකි. මෙය ඡන්ද සමාන වූ අවස්ථාවක් නොවන නිසා කතානායකවරයාට ඡන්දය භාවිත කළ නොහැකිය යන්න විපක්ෂ නායක වරයාගේ තර්කයයි. ඔහු කියන්නේ එවිට ඡන්ද පහක් ලැබී නැති බැවින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම ව්‍යවස්ථා සභාවේ අනුමත වී නැති බව යි.
සජිත් ප්‍රේමදාස මහතාගේ තර්කය අනුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් නව දෙනාගෙන් කතානායක ඇතුළු පස් දෙනෙකු මෙම පත්කිරීම අනුමත කොට ඇතත්, එය ව්‍යවස්ථානුකූල නැත.
