පොහොට්ටු පක්ෂයේ තනිව ගමන අද අනුරාධපුරයෙන් අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙක් හවුල්කාර පක්ෂ අතහැර තනිව යාමේ ගමන අද අනුරාධපුරයෙන් ආරම්භ කළේය.
අනුරාධපුර රැලිය පොදුජන පෙරමුණේ තනි රැළියක් ලෙස සංවිධානය කොට තිබු අතර එයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිසිවකට ආරාධනා කොට නොතිබිණි.
අද පටන් තමන් අලුත් ගමනක් ආරම්භ කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අතර එස් එම් චන්ද්‍රසේන ඇතුළු මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේ අද සිට තම පක්ෂය තනිව රටපුර දේශපාලන කටයුතු කරන බවයි.
මෙම රැලියේ සිටින්නේ පොහොට්ටුකාරයන් පමණක් බව රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට ඍජුව සහ වක්‍රව පහර ගැසීම ද එම රැලියේ දී සිදු වූ බව වාර්තා වෙයි.
මේ අතර පසුගියදා පැවති ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පොදුජන පෙරමුණේ කණ්ඩායමක් විසින් හවුකර පක්ෂ කණ්ඩායමේ නායකයකු වන උදය ගම්මන්පිල ඇමතිවරයාට දරුණු ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
පසුව එබඳු ම ප්‍රහාරයක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා සිදු කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනි ගමනක් යාම සඳහා අනෙක් පක්ෂ ඉවත්කර ගැනීමේ මෙම වැඩ පිළිවෙළ කලක් තිස්සේ ක්‍රියාත්මක වනු දක්නට ලැබිණ. එය බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුමක් අනුව ක්‍රියාත්මක වන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.
අද අනුරාධපුර රැලිය එම ගමනේ තීරණාත්මක අවස්ථාවක් බව පෙනෙන්නට තිබේ.
මෙම රැලියේ කථිකයින් අතර බහුතරය බසිල්වාදීන් ලෙස හැඳින්වෙන කණ්ඩායමට අයත් වීම ද විශේෂත්වයකි.
