“රට යලි වහන්න ඉඩ තියන්න එපා !” – ජනතාව මහ රැලියකට කැඳවා ජනාධිපති කියයි

“රට නැවත වසා දමන්නට ඉඩ තියන්න එපා ‘ යයි ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ජනාධිපතිතුමා මේ ඉල්ලීම කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැඳවීමෙන් අද අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති මහජන රැලිය අමතමිනි.
මේ අතර නියජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද ප්‍රකාශ කළේ කොවිඩ් රැල්ලක් පවතිද්දී රැස්වීම් නොපවත්වන ලෙස ජනතාවගෙන් කළ ඉල්ලීම නොතකා රැස්වීම් පැවත්වීම තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමට හේතුවක් විය හැකි බවයි.
සෞඛ්‍ය සේවා කියන දේ තේරුම් ගන්න ජනතාවට අකුරු තේරෙන්නේ නැතිදැයි ඒ මහතා ප්‍රශ්න කළේය.
