අද කොවිඩ් මරණ 36 ක්, නව ආසාදිතයින් 1263 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් තවත් කොවිඩ් ආසාදිත මරණ 36 ක් තහවුරු කළ අතර නව ආසාදිතයි 1263 ක් අලුතින් හඳුනාගත බව වාර්තා කොට ඇත.

මෙම වාර්තා සමග මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට වාර්තා වී ඇත්තේ 623,248 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *