නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස්

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ කිසිදු චෝදනාවක් හෝ නඩු විභාගයක් හෝ ඉදරිපත් නොකර වසර දෙකකට වැඩි කලක් රැඳවුම් භාරයේ සහ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණයේ ඇප නියෝගය ක්‍රියාත්මක වීමෙන් අද නිදහස ලැබී ය.
අභියාචනාධිකරණ නියෝගය ක්‍රියාත්මක කරමින් පුත්තලම මහාධිකරණය ඒ මහතාට රුපියල් ලක්ෂයක ඇප සහ ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කටයුතු කළේය.
