අනුරාධපුර පොහොට්ටු රැලියට ආ ජනයා අගමැතිගෙන් පොහොර ඉල්ලති

අනුරාධපුර සල්ගාදු පිටියේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියට පැමිණි ජනයා තමන්ට පොහොර ලබාදෙන ලෙස කෑ ගසා  ඉල්ලා සිටි බව වාර්තා වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා රැස්වීම අමතා කතා කරද්දී පොහොර ඉල්ලීම උත්සන්න වී ඇති අතර, පොහොර සහනාධාරය දෙමින් රුපියල් 350 ට පොහොර දුන්නේ තමන් බව අගමැතිතුමා ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා රැලිය අමතා ප්‍රකාශ කොට ඇත්තේ, පොහොර නැතත්, තමන් වී මිල සියයට සියයකින් වැඩි කළ බවයි.

පොහොර නිකම් දීම තම මැතිවරණ පොරොන්දුවක් බව කී ජනාධිපතිතුමා තමන් මුලින් ම කළේ එම පොරොන්දුව ඉටු කිරීම බව ද ප්‍රකාශ කළේය.

මොන දේ කළත් ගොවි ජනතාවට වැටෙන්න දෙන්නේ නැතැයි ද ජනාධිපතිතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *