සමහර ප්‍රදේශවල අස්වැන්න වැඩිවෙලා ; හේතුව රසායනික පොහොර යෙදීමයි – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව   ප්‍රදේශවල මහ කන්නයේ වී අස්වනු මේ වන විට කැපෙමින් පවතින බවත්, අස්වැන්න විවිධ ප්‍රමාණවලින් අඩු වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල අස්වැන්න වැඩි වී ඇති බවත්, එම වැඩි අස්වැන්නට හේතුව ගොවීන් රසායනික පොහොර භාවිතා කිරීම බවත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

සියයට පහ දහය පහළව වශයෙන්  විවිධ ප්‍රමාණවලින් අස්වැන්න  අඩු වී ඇති බවත්, සමස්තයක් ලෙස අඩුවීම සියයට  පහලවත්, විසි පහත්,, තිහත් අතර වන බවත්, ඇමතිවරයා පැවසීය.

පසුගිය යල කන්නයේ වගා හානි සඳහා රක්ෂණ වන්දි ලබාදීමේ අවස්ථාවකට ඊයේ සහභාගී වෙමින් කෘෂිකර්ම ඇමතිවරයා මෙම තොරතුරු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *