විදුලිය, සෞඛ්‍යය අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කොට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

විදුලිය සැපයීම සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කොට ඇති මෙම නිවේදනය මගින් විදුලිය සැපයුමත්, සෞඛ්‍ය සේවයට සහ රෝගීන්ට සාත්තු කිරීමට අදාළ සියලු කටයුතුත් අත්‍යවශ්‍ය ලෙස නිවේදනය කොට තිබේ.
මෙබඳු නියෝගයක් නිකුත් කිරීම රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමක් හා සමාන බවත්, එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවත්, විපක්ෂ ආරංචි මාර්ග කියයි.
