විදුලිය කපන්න ම ඕනෑ – ඉංජිනේරුවෝ කියති

ඉදිරි මාස තුනක කාලයේ විදුලි කැපීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම කියයි.
කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියන්නේ ජනතාව විදුලි පරිභෝජනය සීමා නොකළහොත් විදුලිය කැපීමට ඉඩ දීමට සිදුවන බවයි.
මේ අතර වසර තුනක් සඳහා හදිසි මිල දී ගැනීම් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
