රට ගොඩගන්න රනිල්,සජිත්, හකීම්, සුමන්දිරන්,මනෝ සාකච්ඡා !

පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එජාප නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන්, මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පසුගියදා පැවති බව විපක්ෂ ආරංචි මාර්ග කියයි.

රටේ ඉදිරි ආර්ථික උපායමාර්ග පිලිබඳ මෙම සාකච්ඡාවට ලංකා සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ මහතා ද සහභාගී වූ බවත්, ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි සාකච්ඡා සඳහා එක්වන බව දැනුම් දුන් බවත් කියති.

රටේ විකල්ප ආර්ථික වැඩ පිළිවෙළක් සඳහා අදහස් සාකච්ඡා කිරීම මෙම පක්ෂ හමුවේ අරමුණ වූ බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *