පළාත් සභා ඡන්දය ඉක්මනින් තියන්න උපදෙස් දුන්නා – ජනාධිපති ; එහෙම තියන්න බෑ – ඇමති සරත් වීරසේකර

පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන ලෙස තමන් මැතිවරණ කොමිසමට සහ පළාත් සභා ඇමතිවරයාට උපදෙස් දුන් බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළ ද මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා ඊයේ ප්‍රකාශ කොට ඇත්තේ එබඳු තීරණයක් ගෙන නැති බව සහ ඡන්දය තිබිය යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසුව බව යි. ජනතාවගෙන් තේරී…

රනිල්ට බෑ කියා සජිත් ගෙනා කට්ටිය දැන් සජිත්ට බෑ කියා පොදු අපේක්ෂකයකු සොයති ; කරු බෑ කියයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට බැරි බව කියමින්, ඔහුට එරෙහි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට ගෙන ඒමට ක්‍රියා කළ පිරිස සහ තවත් පිරිස් එක්ව සජිත්ට මීලග ජනාධිපතිවරණය ජයගත නොහැකි බව කියමින්, පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට උත්සහයක් දියත් කරමින් සිටින බවත්, මේ වනවිට එය සජබ තුළ අභ්‍යන්තර ගැටුමකට හේතු වී ඇති බවත් , තතු දත් ආරංචි…

තවත් කොවිඩ් මරණයක් ; එකතුව 526 යි

තවත් කොවිඩ් මරණයක් ඊයේ රාත්‍රී වාර්තා වී ඇත . ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 526 කි. මෙම  මරණය වාර්තා වී ඇත්තේ කනත්තේ වැව ප්‍රදේශයෙනි.

ඊයේ (13 ) කොවිඩ් ආසාදිතයින් 314 ක් ; සමස්තය 87,540 ක්

ඊයේ ( 13 ) කොවිඩ් 19 ආසාදිතයින් 314ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. මෙරටින් හමුවූ 281 ක් සහ විදේශවල සිට පැමිණි 33 ක් මෙලෙස හඳුනාගනු ලැබ ඇත. මේ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,540 ක් ලෙස සටහන් වෙයි වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 83,216ක් වශයෙනි.

අද කොවිඩ් ආසාදිතයින් 291 යි; සමස්තය 87,226 ට නගී ; දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ ආසාදිතයකුත් හමුවෙයි

අද දිනයේ අලුතින් සොයාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 291 ක් බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 87,226 ක් වෙයි වත්මන් කොවිඩ් රැල්ලේ ආසාධිත සංඛ්‍යාව 82,935 ක් ලෙස සටහන් වෙයි. මේ අතර දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය ආසදිතයකු ද පළමු වරට මෙරටින් හමු වූ බව වාර්තා වී ඇත. ටැන්සානියාවේ සිට පැමිණි තැනැත්තකු…

තවත් කොවිඩ් මරණ පහක් ; එකතුව 525 යි

කොවිඩ් 19 ආසාදනයෙන් සිදු වූ මරණ පහක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 525 කි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ අක්කරෙයිපත්තුව, මොරටුව,වත්තල , රාගම , සහ  පොල්ගස් ඕවිට  ප්‍රදේශවලිනි .

රවී, නවීන් , අර්ජුන, ලක්ෂ්මන්, යලි එජාප ක්‍රියාකාරී දේශපාලනයට

  පක්ෂයේ නව නිලධාරීන් පත් කිරීමේ දී ඇති වූ මතභේද හේතුවෙන් එජාප ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටි රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ ලක්ෂ්මන් විජේමාන්න මහත්වරුන් යලිත් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට එක්ව ඇති බව වාර්තා වෙයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අගහරුවාදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම කණ්ඩායම ද සහභාගී වී ඇත. පක්ෂය හැරගොස් සජබ…

ශ්‍රී ලංකා ජාතික කොඩිය පාපිස්සට යොදා ගත්තේ චීන සමාගමක් !

ශ්‍රී ලංකා ජාතික  කොඩිය පපිස්සට යොදා ගැනීම සිදුකොට ඇත්තේ චීනයේ සමාගමක් විසින් බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. මේ සම්බන්ධයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මගින් චීන රජය දැනුවත් කළ බවත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ද දැනුවත් කළ බවත්,විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කොට තිබේ. මෙලෙස ශ්‍රී ලංකා ජාතික කොඩිය යෙදු පාපිසි ඇමසන් වෙබ් අඩවිය ඔස්සේ විකිණීමට…

ජිනීවාහි දී ශ්‍රී ලංකාවට සහය දෙන, නොදෙන බවක් ආසියානු රටවල් තවම කියා නැහැ – විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන

එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත් කිරීමට යන යෝජනාව පිළිබඳව ඉන්දියාව ,පකිස්ථානය , බංගලිදේශය ඇතුළු ආසියානු රටවල් සමග තමා සාකච්ඡා කළ බවත්, එම රටවල් කිසිවක් යෝජනාව ගැන තම ස්ථාවරය ප්‍රකාශ  නොකළ බවත් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකාවට සහය දෙන බව ඔවුන් නොකී බවත්,…

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත පට්ටපල් කෙබර. නාඩු 110 – 115යි. සම්බා 115 – 125යි ; ආණ්ඩුවේ මිලට වී දෙන්න බෑ – ජාතික ගොවිජන එකමුතුව

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත අමූලික බොරු බවත් මහාපරිමාණ වී මෝල් හිමියන් වී මිල ඉහළ නංවා ඇති බවත් රටේ සහල් මිල සම්බන්ධයෙන්ද ඇත්තේ මිල විකෘතියක් බවත් ජාතික ගොවිජන එකමුතුව පවසයි. “කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත පට්ටපල් කෙබර. නාඩු කිලෝ එක්ක මිල රුපියල් 110 – 115 අතර තත්වයක් සාමාන්‍ය වෙළඳපොලේ. සම්බා කිලෝ එක්ක මිල රුපියල්…

තවත් කොවිඩ් ආසාදිතයෝ 292 ක් සොයා ගැනෙති ; සමස්තය 86,935 යි

කොවිඩ් 19 ආසාදිතන්  292 ක් අද අලුතින් සොයාගනු ලැබ ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 86,935 කි. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 82,644 ක් ලෙස සටහන් වෙයි .

අදත් කොවිඩ් මරණ පහක් ; එකතුව 520 යි

අද (11) දිනයේත් කොවිඩ් මරණ 05ක් තහවුරැ  වූ බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය  කර තිබේ. ඒ අනුව කොවිඩ් 19 සමස්ත මරණ සංඛ්‍යාව  520 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ නාවලපිටිය, අගුලාන, මත්තේගොඩ, බිබිල ,සහ දෙහිවල ප්‍රදේශවලිනි .