රනිල්ට බෑ කියා සජිත් ගෙනා කට්ටිය දැන් සජිත්ට බෑ කියා පොදු අපේක්ෂකයකු සොයති ; කරු බෑ කියයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට බැරි බව කියමින්, ඔහුට එරෙහි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට ගෙන ඒමට ක්‍රියා කළ පිරිස සහ තවත් පිරිස් එක්ව සජිත්ට මීලග ජනාධිපතිවරණය ජයගත නොහැකි බව කියමින්, පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට උත්සහයක් දියත් කරමින් සිටින බවත්, මේ වනවිට එය සජබ තුළ අභ්‍යන්තර ගැටුමකට හේතු වී ඇති බවත් , තතු දත් ආරංචි මාර්ග කියයි.

මෙම පොදු අපේක්ෂක කතිකාව සජබ තුළ බරපතළ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බව කියති. මෙම තත්ත්වය නිසා ජනාධිපති අපේක්ෂකයා සජබයෙන් විය යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්මත කොට ගෙන ඇත. එමෙන් ම ,ජනාධිපති අපේක්ෂකයා තමන් බව සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා දැරණියගල ප්‍රසිද්ධ රැළියක දී ප්‍රකාශ කළේ  ද මෙම අභ්‍යන්තර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස බව කියති.

පොදු අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ කිහිප දෙනෙකු ම හිටපු කතානායක කරු ජයසුරිය මහතා සමග කතාබහ කොට ඇති නමුත් ඒ මහතගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව ද දැනගන්නට ඇත.

සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල රට පුරා යමින් තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ උත්සාහයක නිරත වී සිටියි. කෙසේ වෙතත් ,සජබ ඇතැම් පිරිස් පවසන්නේ ඒ මහතාගේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙන බවයි.

එමෙන් ම සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ අභ්‍යන්තර කටයුතු මෙහෙයවන ආකාරය පිළිබඳව ද විවේචන එල්ල වී තිබේ.

එකසත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සජබය සැදීමට පැමිණි පිරිස් ආපසු යාමේ ප්‍රවනතාවක් ද දක්නට ඇති බව කියති.

පක්ෂය යලි එක්සත් කළ යුතු බව පක්ෂ දෙකේ ම පහළ සමාජිකතවයේ ඉල්ලීම වී ඇතත් , පක්ෂ දෙකේ ම ඉහළ නායකයින් එයට සුදානම් නැති බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

පසුගිය දිනවල හරීන් ප්‍රනාන්දු. මනුෂ නානායක්කාර , රාජිත සේනාරත්න ආදීන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇත්තේ ද  පහළින් පැමිණි එම බලපෑම නිසා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *