රවී, නවීන් , අර්ජුන, ලක්ෂ්මන්, යලි එජාප ක්‍රියාකාරී දේශපාලනයට

පක්ෂයේ නව නිලධාරීන් පත් කිරීමේ දී ඇති වූ මතභේද හේතුවෙන් එජාප ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටි රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ ලක්ෂ්මන් විජේමාන්න මහත්වරුන් යලිත් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට එක්ව ඇති බව වාර්තා වෙයි.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අගහරුවාදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම කණ්ඩායම ද සහභාගී වී ඇත.
පක්ෂය හැරගොස් සජබ සමග එක්ව සිට නැවත පක්ෂය හා එක්වීමට ඉල්ලුම් කර තිබු පළාත් පාලන මන්ත්‍රීන් 44 දෙනෙකුට යලි පක්ෂ සාමජිකත්වයා ලබාදීමට ද මෙම රැස්වීමේ දී තීරණය කොට තිබේ.
එලෙස ආපසු එන අනෙක් අය බඳවා ගැනීමේ බලය පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, ලේකම් රංගේ බණ්ඩාර ඇතුළු කමිටුවකට ලබා දී තිබේ .
