කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත පට්ටපල් කෙබර. නාඩු 110 – 115යි. සම්බා 115 – 125යි ; ආණ්ඩුවේ මිලට වී දෙන්න බෑ – ජාතික ගොවිජන එකමුතුව
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත අමූලික බොරු බවත් මහාපරිමාණ වී මෝල් හිමියන් වී මිල ඉහළ නංවා ඇති බවත් රටේ සහල් මිල සම්බන්ධයෙන්ද ඇත්තේ මිල විකෘතියක් බවත් ජාතික ගොවිජන එකමුතුව පවසයි.
“කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත පට්ටපල් කෙබර. නාඩු කිලෝ එක්ක මිල රුපියල් 110 – 115 අතර තත්වයක් සාමාන්‍ය වෙළඳපොලේ. සම්බා කිලෝ එක්ක මිල රුපියල් 115 – 125 අතර ප්‍රමාණයක් වෙනවා. ඒක තමයි ඇත්ත තත්වේ.
අද කවුද වී මිල පාලනය කරන්නෙ ? වී මිල ඉහළ දැම්මෙ කවුද ? ඒක පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් ! ඇත්තම කතන්දරේ අද වෙනකොට. මහා පරිමාණ මෝල් හිමියන්, එයාලා තමයි වී මිල ඉහළ දාලා තියෙන්නෙ. හාල් කිලෝ එකක අවම වියදම, ලාබයක් නැතුව රුපියල් 95ක් විතර වෙනවා. සහල් මිල මෙච්චර ඉහළ යන්න බෑ. ඒක නිසා මේක මිල විකෘතියක්.
වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 26ක් නෙවෙයි රුපියල් 38.40 – 44.00 අතර ගාණක් යනවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට. පොළවට බැහැලා යන්න, අනුරාධපුර ගොවිබිම් වල ඇවිදින්න. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන සේවා ඇතුළු ඔක්කොම නිලධාරීන් 50000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. පහුගිය කාලෙ සෞභාග්‍යයේ දැක්ම යටතේ ගොවියාට බීජ සඳහා යවපු මුදල් පවා ඔය මොණරාගල පැත්තෙ නිලධාරීන් ගසාකාලා තියෙනවා. ඒ නිලධාරීන්ගේ අම්මලා තාත්තලා මුං ඇට වගාකරලා නෑ, බී ලූණු වගාකරලා නෑ, රටකජු වගාකරලා නෑ. බොරු දත්ත දාලා නිලධාරීන් සල්ලි අරගෙන තියෙනවා. අපි කෘෂිකර්ම අමාත්‍යවරයාට කියනවා මේ පිළිබඳ පරීක්ෂණ කරන්න. මොණරාගල, ඌව පළාතේ සහ අනිත් පළාත්වලට ආපු මුදල්, අතිරික්තයක් ආවා, ඒක ගොවීන්ට දුන්නෙ නෑ. ඊට පස්සෙ එයාලා තීන්දු කළා ඔෆීස්වලට පිඟන් කෝප්ප ගන්න. මේකටද රටේ මුදල් වෙන් කරන්නෙ ?” යනුවෙනුයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ආවේගශීලීව අදහස් දක්වමින් සඳහන් කළේ.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
RN
LANKANEWSWEB
