අද කොවිඩ් ආසාදිතයින් 291 යි; සමස්තය 87,226 ට නගී ; දකුණු අප්‍රිකානු ප්‍රභේදයේ ආසාදිතයකුත් හමුවෙයි

අද දිනයේ අලුතින් සොයාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 291 ක් බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 87,226 ක් වෙයි

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාධිත සංඛ්‍යාව 82,935 ක් ලෙස සටහන් වෙයි.

මේ අතර දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය ආසදිතයකු ද පළමු වරට මෙරටින් හමු වූ බව වාර්තා වී ඇත.

ටැන්සානියාවේ සිට පැමිණි තැනැත්තකු බව කියන ඔහු හමුවුයේ කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයකින් බව රජය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *