රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම කන්කසන්තුරයට මාරු කරයි.

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම කන්කසන්තුරයට මාරු කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව භාර ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂය අශෝක අරියවංශ මහතා අද මැයි 1 සිට ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිසිය වෙත මාරුකර යවා ඇති බව වාර්තා වෙයි. ඒ මහතා වසර 21 ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කොට ඇති ඒ මහතාගේ විශ්වාසවන්ත නිලධාරියකු බව කියති. මෙය ජාතික පොලිස්…

ජනතාව ජනාධිපති පැන්නුවොත්  ජනාධිපති පත් කරන්නේ මාලිමාවෙන්මයි – නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ

ජනතාව ජනාධිපති පැන්නුවොත් ජනාධිපති පත් කරන්නේ මාලිමාවෙන්මයි – නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ

රට නැවත වතාවක් අර්බුදයකට ගොස් ජනතාව විසින් ආණ්ඩුව පන්නා දැමුවහොත් නව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව හරහා පත් කරන්නේ ද ජාතික ජන බලවේගයෙන් බව සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ මහතා සඳහන් කරයි. තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඇතිවී ජනතාව ආණ්ඩුව පළවා හැර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරනු ඇතැයි ඇත්ත බලාපොරොත්තු වීම සිහිනයක් බවද ඔහු පැවසුවේය. පසුගිය පාර්ලිමේන්තුවේ මෙන් නොව…

අල්ලස් කොමිසමට මා යැවූ ලිපිය ජනාධිපතිට ගියේ කොහොමද ? – රනිල් ප්‍රශ්න කරයි.

අල්ලස් කොමිසමට මා යැවූ ලිපිය ජනාධිපතිට ගියේ කොහොමද ? – රනිල් ප්‍රශ්න කරයි.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත තමන් යැවූ ලිපිය ජනාධිපතිතුමා දුටුවේ කෙසේදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය. අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු පැවති මෙම මාධ්‍ය හමුවේ දී හිටපු ජනාධිපතිතුමා මෙසේ ප්‍රශ්න කළේ තමන් ලිපිය දුටු බවට අනුර කුමාර ජනාධිපතිතුමා කරන ප්‍රකශය ද මාධ්‍යයට පෙන්වමිනි. අල්ලස් කොමිසමට රනිල් කැදෙව්වේ…

ඉන්දු – ලංකා යුද ගිවිසුම රහසක් – ඉන්දියාවේ අවසර නැතිව හෙළි කරන්න බැහැ – කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස

ඉන්දු – ලංකා යුද ගිවිසුම රහසක් – ඉන්දියාවේ අවසර නැතිව හෙළි කරන්න බැහැ – කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය දා අත්සන් කළ ආරක්ෂක ගිවිසුමේ කරුණු ඉන්දියාවේ අවසර නොමැතිව හෙළිදරව් කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදී මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ කළ සංචරය අතරතුර දෙරට අතර මෙම…

ට්‍රම්ප් තවත් පසුබසී ; චීනයට බදු විශාල ලෙස අඩුකරන බව කියයි
|

ට්‍රම්ප් තවත් පසුබසී ; චීනයට බදු විශාල ලෙස අඩුකරන බව කියයි

තමන් චීනයට පනවා ඇති සියයට 145 ක තීරු බදු විශාල ලෙස අඩු කරන බවත්,එසේ වුවත් එය බින්දුව දක්වා අඩු නොකරන බවත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඒ සඳහා චීනය සමග ගිවිසුමකට යාමට සුදානම් බව ද ඒ මහතා කියයි. චීනය සම්බන්ධයෙන් තමන් දැඩි පිළිවෙතක් අනුගමනය නොකරන බව ද ජනාධිපති ට්‍රම්ප් කියයි. ජනමාධ්‍ය කළ විමසුමකට පිළිතුරු…

ඩෑන් ප්‍රියසාද්  ඝාතනය ; බෝලය තියෙන්නේ ආණ්ඩුවේ කොටුවේ – මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි

ඩෑන් ප්‍රියසාද් ඝාතනය ; බෝලය තියෙන්නේ ආණ්ඩුවේ කොටුවේ – මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි

සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද්  වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ආණ්ඩුවට එල්ලකරන චෝදනා තමන් නොපිළිගන්නා නමුත් මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂා කොට හෙළිදරව් කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට බවත්, බෝලය ඇත්තේ ආණ්ඩුවේ කොටුව පැත්තේ බවත් ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතෙකු වන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි. මෙබඳු අපරාධ විසඳීමේ දක්ෂතාවය පොලිසිය සතුව…

රනිල්ගේ ගැටේ අල්ලස් කොමිසම හිරවෙයි..?
|

රනිල්ගේ ගැටේ අල්ලස් කොමිසම හිරවෙයි..?

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරමින් ඇති විමර්ශනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත පසුගියදා දුන් ප්‍රකාශය හේතුවෙන් නතර වී තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා කටයුතු කළ අවස්ථාවේදී පළාත් සභාව රාජ්‍ය බැංකුවක…

චාමර සම්පත් මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ද…? – හිටපු ජනපති රනිල්ගේ විග්‍රහයක්
|

චාමර සම්පත් මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ද…? – හිටපු ජනපති රනිල්ගේ විග්‍රහයක්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පසුගිය දිනක අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ඔහු ඌව පළාත් මහ ඇමතිවරයාව සිටිය දී පළාත් සභාවට අයත් මුදල් එම ගිණුමෙන් ඉවත් කරගෙන වෙනත් ගිණුමකට බැර කළා ය යන චෝදනාව යටතේ ය. මේ වන විට ඔහු ඇප මත නිදහස් කර සිටින අතර පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ද පැමිණයේ ය.ඔහු වෙත…

තීරු බදු අර්බුදයට මුහුණ දීම ගැන රනිල්ගෙන් යෝජනා මාලාවක්
|

තීරු බදු අර්බුදයට මුහුණ දීම ගැන රනිල්ගෙන් යෝජනා මාලාවක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු නිසා ඇතිවන අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු දක්වා තිබේ. අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා “අන්‍යෝන්‍ය” තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ…

2924 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 ඉක්මවා යයි
|

2924 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 ඉක්මවා යයි

2024 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4519ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. මෙය මෙරට ඒක පුද්ගල ආදායමේ වාර්තා වී ඇති ඉහළම අගය යි. මෙය 2017 වසරේ වාර්තා වූ ඩොලර් 4290 ක්  සංඛ්‍යාවෙන් පසු ඇති වූ වර්ධනයකි. මේ අනුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් බවට පත්වෙයි. විශාල ආර්ථික අර්බුදයකින්…

2024 ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ඉහළට
|

2024 ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ඉහළට

2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5කින් වර්ධනය වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. වර්ෂය තුළ දිගින් දිගට වැඩි වූ ආර්ථික වර්ධන වේගය අවසන් කාර්තුවේ දී සියයට 5.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මුලින් පුරෝකථනය කර තිබුණේ 2024 ආර්ථික වර්ධනය සියයට 1.8 ක් පමණක් වනු ඇති බව යි. ඒ…

බටලන්ද වාර්තාව කිසිවකු පිළිගත්තේ නැහැ ; කවුරුවත් විවාද නොකළේ ඒ නිසයි – හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
| |

බටලන්ද වාර්තාව කිසිවකු පිළිගත්තේ නැහැ ; කවුරුවත් විවාද නොකළේ ඒ නිසයි – හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

බටලන්ද කොමිසන් සභා වාර්තාව කිසිවකු පිළිගත්තේ නැති බවත්, කවුරුවත් විවාද නොඉල්ලුවේ ඒ නිසා වියහැකි බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. කිසිවකු එය සඟවාගෙන නොසිටි බව ද ඒ මහතා පැවසීය. එම කොමිසම පත්කළේ දේශපාලන මඩ ගැසීමකට බවත්, එම අරමුණ ඉටු නොවුණ බවත්, එයින් තමාට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු වී නැති බවත්…