චාමර සම්පත් මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ද…? – හිටපු ජනපති රනිල්ගේ විග්‍රහයක්

චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.
මතු දැක්වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, චාමර සම්පත් දසනායකසම්බන්ධයෙන් කළ ප්‍රකාශයයි…
ඌව පළාතේ පමණක් නොව සෙසු පළාත්වල ද මේ කටයුතු සිදු කෙරුණා. එමෙන්ම චාමර සම්පත් ඇමතිවරයා මට විටින් විට කතා කරනවා. අධ්‍යාපන ආදී වැඩ කටයුතුවලට මා උදව් කළා. නමුත් අප එකල සිටියේ දෙපැත්තක. චාමර සම්පත් මහ ඇමති ලෙස සිටිය දී සමන්ත විද්‍යාරත්න වත්මන් ඇමතිවරයා පැමිණිල්ලක් කළා. මෙය මගේ වැඩකටයුත්තක් නොවන බවත් එය අල්ලස් කොමිසම සමග සාකච්ඡා කරන ලෙසත් මා එම කණ්ඩායම්වලට කිව්වා. මහ ඇමතිවරුන්ට පක්ෂ හෝ විරුද්ධ වැඩ කටයුතුවලට මට පැටලෙන්නට බැරි බවත් මා කිව්වා.
කොමිසමෙන් මේ පිළිබඳව විභාග කර තිබෙනවා. ඒ එක විභාගයකින්වත් එතුමා වැරදිකරු ලෙස ඔප්පු වී නැහැ. එතුමා සැකකරුවෙක් ලෙස වත් ප්‍රකාශයට පත් කර නැහැ. මේ විභාග කරගෙන යන්නේ ඒ කාරණා උඩයි. අලුත් චෝදනා හෝ අලුත් සිද්ධි ගැන නොවේ. අනෙක් කාරණය වන්නේ චාමර සම්පත් කට උත්තරය ලබාදෙන විට ම ඔහු අත්අඩංගුවට ගත් බවට නිවේදන නිකුත් කෙරෙනවා. එවැනි දෙයක් කියන්නේ කොහොමද?
චාමර සම්පත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ නිතර කතා කරනවා. ඔහු ප්‍රබලව විපක්ෂයේ හඬ නගනවා.මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ එතුමාගේ මැදිහත්වීමට සම්බන්ධ දැයි විශාල ප්‍රශ්නයක් තිබෙනවා.මා සිතන්නේ එතුමා මේ ගැන පාර්ලිමේන්තුවෙන්ද විභාගයක් ඉල්ලා සිටිය යුතුයි. එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක්දැයි සොයා බැලිය යුතුයි.”

