අයි එම් එෆ් ඊළඟ වාරිකය මේ වසර තුළ නෑ – කොන්දේසි සපුරන තෙක් නොදෙයි !
මේ වසරේ සැප්තැම්බර් මාසයේ පමණ ලබාදීමට කලින් සැලසුම් කොට තිබු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය මෙම වසර තුළ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.
මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ සටහනේ කොන්දේසි ඉටු කිරීමට ප්‍රමාද වීම සහ විදුලි බල මණ්ඩලයේ වැනි ඇතැම් ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
එබැවින් එම ප්‍රතිසංස්කරණ කඩිනම් කරමින් ඒ අනුව ඉදිරි අයවැය ඉදිරිපත් වියයුතු බව මුල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබේ.
ඒ අනුව නොවැම්බරයේ ලබන අයවැයෙන් පසුව තත්ත්වය සමාලෝචනය කිරීමට මුල්‍ය අරමුදල තීරණය කොට තිබේ.
එබැවින් ඉදිරි වාරිකය මෙම වසර තුළ ලබා ගැනීමට රජයට නොහැකි වනු ඇති බව කියති.
