සමාජවාදී සමාජ විප්ලවය සම්බන්ධ සාකච්චාව අද ඊයේ ඇතිවෙච්චි එකක් නෙවෙයි.ධනපති සමාජ ක්‍රමයට ඉස්සෙල්ලා තිබුණ වැඩවසම් සමාජයේ අවසාන කාලයේ සමාජවාදය සම්බන්ධ සාකච්ඡාව තිබුණා.ලෙනින් රාජ්‍ය බලය ගන්නකොටත් සාර්ගේ රුසියාව කියන්නේ බහුතර වැඩවසම් රාජ්‍යයක්. අපේ රටේ සමාජවාදය සම්බන්ධ සාකච්ජාව අඩුම ගානේ 1930 තරම් ඈතට දිව යනවා.
අපේ රටේ සමසමාජ පක්ෂය බිහිවෙන්නේ 1935 දී. එදා පටන් මෑතක් වනතුරුම සමාජවාදය සම්බන්ධ සටන් පාඨය ඉදිරියට ඇවිත් තියනවා.හැබැයි අද වෙනකොට සමාජවාදයට අයිතිකාරයෙක් නැතිවෙලා තියනවා.සමාජවාදයේ තනි අයිතිකාරයා වෙන්න මහන්සිගත්ත ජවිපෙත් අද සමාජවාදය අත්හැරලා ලිබරල්වාදය වැළඳගෙන.
දැන් ඉඳලා හිටලා සමාජවාදී කතාවක් ඇහෙන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් විතරයි. ඒකත් කරන්නේ 3%නේ ජවිපෙ බලවේගය ෆෝම් එකේ තියාගන්න විතරයි.සමාජවාදය සහ ලිබරල්වාදය අතර තියෙන සමාජ ප්රජාතන්ත්රවාදය ගැනවත් ජවිපෙ දැන් කතා කරන්නේ නෑ.ඒක නිසාම ජවිපෙ මතවාදය මොකද්ද කියලා හිතාගන්න බැරි තරමට ජවිපෙ සමාජිකයා අංඥකොරෝස්වෙලා.
අනුර කුමාරව කර තියාගෙන ඇවිත් අනුර කුමාර විසින්ම විශේෂ තනතුරුවලට පත්කරපු ආචාර්ය, මහාචාර්යවරු පවා දැන් මේ ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්තියක් නෑ කියලා කියන්න පටන් අරන්.ඒක නිසා අනුර කුමාරගේ ආණ්ඩුව මේ යන්නේ බරපතල අවධානම් ගමනක.අර්ථිකය වේවා, දේශපාලනය වේවා,එහෙමත් නැත්තං සංවර්ධන වැඩක් වේවා,නැත්තං මොනම ආකාරයක ප්රතිසංස්කරණයක් වේවා ඒවා සියල්ල උපායමාර්ගයක් මත පිහිටලා තියෙන්න ඕනි.
උපායමාර්ගයට සමානාතරව තමයි උපක්‍රම තෝරන්න ඕනි.උදාහරණයක් ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණට රෝහණ විජේවීර සහෝදරයා නිරවුල් කරලා දුන්න උපායමාර්ගය තමයි ජාතික විමුක්ති අරගලයක් තුලින් සමාජවාදයට කියන උපායමාර්ගය.ඊට පස්සේ විජේවීරගේ සිට සෝමවංශ අමරසිංහ දක්වාම ජවිපෙ උපක්‍රම තේරුවේ ඒ උපායමාර්ගයට අනුවයි.සන්නද්ධ අරගලය,මැතිවරණවලට ඉදිරිපත් වීම,මැතිවරණ මඟහැර යෑම.සන්ධාන,පරිවාස මේ සියල්ල කළේ මූලික උපායමාර්ගයට අනුවයි.
හැබැයි මේ තත්වය වෙනස් උනේ හතර දෙනාගේ කල්ලිය ජවිපෙ බලය අල්ලා ගැනීමෙන් පස්සෙයි.අද නං හතර දෙනාගේ කල්ලිය තුන් දෙනාගේ කල්ලියක් බවට පත්වෙලා.ලාල් අද හතර දෙනාගේ කල්ලියෙන් විසිවෙලා.ජවිපෙ ඇතුලේ දැන් ලාල් කියන්නේ හෙණ ගනකොට එලියට දාන්න තියාගෙන ඉන්න යකඩ ඉන්නක්.ලාල් ගේ තැනට එන්න කෙනෙක් ඇහැගහගෙන ඉන්නවා.කවුද කියලා ලාලුත් දන්නවා.
අනුර ජවිපෙ නායකයා උනාට පස්සේ උපායමාර්ගයට අනුව උපක්‍රම තේරීම කනපිට හැරුණා.දැන් වෙන්නේ ඉස්සෙල්ලා උපක්‍රමය තෝරලා පස්සේ එක උපායමාර්ගයට ගලපන්න පුළුවන්ද බලන එකයි.ඒ උපක්‍රමය ජාතික විමුක්ති අරගලය තුලින් සමාජවාදයට කියන උපායමාර්ගයට ගැලපෙනවා නම් ඒක ගැන රැඩිකල් කතා ටිකක් කියනවා.ඒක ගැලපෙන්නේ ලිබරල්වාදයට නං ඒක ඒකට ගලප්පනවා.
පොඩි හරි වැඩක සමාජ ප්රජාතන්ත්රවාදී ගතියක් තියනවා නම් ඒක සමාජ ප්රජාතන්ත්රවාදයට ගලප්පනවා.ඇත්තටම මේකෙන් තේරෙන්නේ ජවිපෙ උපායමාර්ගයක් නැතිව ඔහේ අඳුරේ අතපය ගානවා කියලයි.හැබැයි මේ ඇහින්දාස් ගමන තව වැඩිදුරක් ජවිපෙට යන්න බෑ.ඒක්කෝ ජවිපෙ නව ලිබරල්වාදයට සම්පුර්ණයෙන්ම පහු බහින්න ඕනි. ඒ කියන්නේ සමාජවාදය අතාරින්න ඕනි.ජවිපෙ දැන් අමුතුවෙන් අතාරින්න සමාජවාදයකුත් ඇත්තටම නෑ.
අඩුම ගානේ සමාජ ප්රජාතන්ත්රවාදී වැඩපිලිවෙලකටවත් පහු බහින්න ජවිපෙට දැන් උවමනාවක් නෑ.රටේ රාළ නං කියන්නේ ජවිපෙ තමන්ගේ උපායමාර්ගය සම්බන්ධ දැන් තීරණයක් ගන්න ඕනි කියලයි.ඇත්තටම ජවිපෙට ඒ තීරණය ගන්න ලොකු ප්‍රශ්නයක් නෑ.මොකද ජවිපෙ දැන් ජවිපෙ ඉතිහාසයයි,සමාජවාදයයි එක්ක තිබුණ සාමදානය අවසන් කරලා ඉවරයි.තමන්ගේ ඉතිහාසය සහ සමාජවාදය දෙකම ජවිපෙ විසින් සමාදානයේ සතපවලා තියනවා.
ඒක නිසා ජවිපෙට ලිබරල්වාදයත් එක්ක හිටගන්න එක දැන් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.මේක හොඳටම තේරුම් ගන්න ජවිපෙ ඉතිහාසයේ සටන් පාඨයක් අද ජවිපෙ භාවිතයට සම්බන්ධ කරලා බැලුවම තේරුම් ගන්න පුළුවන්.උදාහරණයක් විදිහට ජවීපෙ මීට ඉස්සෙල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන ඇහුවේ IMF ගිහින් ගොඩගිය ලෝකයේ එක රටක් කියන්න පුලුවන්ද කියලයි.හැබැයි අද ඒ ජවිපෙම IMF එක ඉස්සරහා දනින් වැටිලා ඉන්නවා.
මීට කලින් ජවිපෙ ලෝක බැංකුව ගැන කිව්වේ කොහොමද කියලා ඔයාලා මතක ඇති.ටිල්වින් කිව්වේ ලෝක බැංකුවේ ෆ්ලග් එක ගලවනවා කියලයි.හැබැයි දැන් ජනාධිපති අනුර මහත් උජාරුවෙන් කියනවා ඉතිහාසයේ ලෝක බැංකුව දෙන ලොකුම ණය මේපාර අපිට හම්බ වෙනවා කියලා.තව එක උදාහරණයක් ගත්තොත් අධ්‍යාපනය පෞද්ගලීකරණයට ජවිපෙ ඉතිහාසය පුරාම විරුද්ධ වුනා.
විශේෂයෙන්ම private medical college වලට එරෙහිව ජවිපෙ මරාගෙන මැරුණා.සියිටම් හොර උපාධි කඩය කියලයි එදා ජවිපෙ කිව්වේ.සයිටම් හොර උපාධි කඩයට එරෙහිව හදපූ ජනතා ව්‍යාපාරයේ නායකයෙක් තමයි හිටපු කතානායක අශෝක රන්වල.බලනකොට මිනිහත් හොර උපාධි කාරයෙක්.අද ජවිපෙ සයිටම් හොර උපාධි කඩය පිලිඅරන් ඒක සංවර්ධනය කරන්න පෞද්ගලික ආයෝජකයෝ හොයනවා.ඔය උදාහරණ තුනක් විතරයි.
තව ඔහොම දහස් ගණනක් කියන්න පුළුවන්.ඒක නිසා ජවිපෙ සමාජවාදී සබලයාගේ සිට නව ලිබරල්වාදී සමනළයා දක්වා පරිවර්තනය උන හැටි පැහැදිලිව පේනවා.දැන් ජවිපෙ හදන්නේ ඒක ඇතුලේ ස්ථාවර වෙන්න.දැන් ජවිපෙට තියෙන ප්රශ්නය නව ලිබරල්වාදය ගැන නොදන්න එකයි. හරිනිලා කියන්නේ නව ලිබරල්වාදයේ කුලීකාරයෝ මිසක් නව ලිබරල්වාදයේ ගෝඩ් ෆාදර්ස්ලා නෙවෙයි.
ලංකාව තුල ඉතිරි වෙලා ඉන්න නව ලිබරල්වාදයේ ගෝඩ් ෆාදර් රනිල්.ඒක නිසා ජවිපෙ යන්න හදන ගමනේ න්‍යායාචාර්යවරයා වෙන්න ඕනි රනිල්. දේශපාලනයේ සදාකාලික හතුරෝ නැත කියලා කියනවානේ.ඒක නිසා නුදුරු අනාගතයේදි රනිල් සහ අනුර අතර එකඟතාවයක් හැදෙන්න පුළුවන්. දැනට ඒ පැත්තටත් කොළ එළි දැල්වෙමින් තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.