පළාත් පාලන ආයතන සියල්ලට තරග කරන්න ලැස්ති වන්න – එජාප සභාපති වජිර අබේවර්ධන සිරිකොත දී කියයි
මහ නගර සභා 28 ක් නගර සභා 36 ක් ඇතුළු පළාත් පාලන ආයතන සියල්ලට තරග වැදීමට සුදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂ සභාපත් වජිර අබේවර්ධන මහතා අද පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවති එජාප කාන්තා දින රැස්වීම අමතා ප්‍රකාශ කළේය.
සමගි වී තරග කිරීම, එජාප අලියා ලකුණ යටතේ තරග කිරීම හෝ සියලු දෙනා සමග ස්වාධීන කණ්ඩායම් සේ තරග කිරීම යන ඕනෑම ක්‍රමයකින් සියලු පළාත් පාලන ආයතන සඳහා තරග වදින බව ඒ මහතා කී ය.
