අල්ලස් කොමිසමට මා යැවූ ලිපිය ජනාධිපතිට ගියේ කොහොමද ? – රනිල් ප්‍රශ්න කරයි.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත තමන් යැවූ ලිපිය ජනාධිපතිතුමා දුටුවේ කෙසේදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය. අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු පැවති මෙම මාධ්‍ය හමුවේ දී හිටපු ජනාධිපතිතුමා මෙසේ ප්‍රශ්න කළේ තමන් ලිපිය දුටු බවට අනුර කුමාර ජනාධිපතිතුමා කරන ප්‍රකශය ද මාධ්‍යයට පෙන්වමිනි.
අල්ලස් කොමිසමට රනිල් කැදෙව්වේ තමන් බව ද එම ප්‍රකාශයේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
නීතිය අනුව අල්ලස් හෝ දුෂණ විරෝධී කොමිසම ක්‍රියාත්මක විය යුත්තේ ස්වාධීන කොමිසන් සභාවක් වශයෙනි.
පළාත් සභාවලට මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් යවන්නේ බැංකුවල දාන්න නොවන බවත්, ව්‍යාපෘති සඳහා වියදම් කිරීමට බවත් කී රනිල් වික්‍රමසිංහ මහතා වරදක් වන්නේ බැංකුවෙන් මුදල් ඉවත්කිරීම නොව බැංකුවේ තැන්පත්කිරීම බව ද කී ය. ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එල්ලකොට ඇති චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
