රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම කන්කසන්තුරයට මාරු කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව භාර ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂය අශෝක අරියවංශ මහතා අද මැයි 1 සිට ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිසිය වෙත මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.
ඒ මහතා වසර 21 ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කොට ඇති ඒ මහතාගේ විශ්වාසවන්ත නිලධාරියකු බව කියති.
මෙය ජාතික පොලිස් කොමිසමේ අනුදැනුමකින් තොරව සිදුකල ස්ථාන මාරුවක් බව ද කියති.
