විදුලි බිල වැඩි කරන්න කොමිසම බෑ කියයි ! අයි එම් එෆ් වාරිකය අවිනිශ්චිතයි !!

ලංවීමය සියයට 50 ක වැඩි කිරීමක් ඉල්ලයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අකමැත්ත පළ කිරීම නිසා මුල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ජුනි මාසයේ පවත්වන එහි විධායක මණ්ඩලයෙන් අනුමත කර ගැනීම අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

විදුලි නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට වර්තමාන විදුලි ගාස්තු ප්‍රමාණවත් නැති බව මුල්‍ය අරමුදල ප්‍රකාශ කළත්, නියාමන කොමිසමේ මතය වී තිබෙන්නේ වර්තමාන මිල නියම කොට ඇත්තේ පිරිවැය පියවා ගැනීමට හැකිවන ලෙස බවයි. එය වැඩි කිරීමේ වුවමනාවක් නැති බව කොමිසමේ මතය වී තිබේ. පසුගිය දා පැවති ඉහළ පෙලේ රැස්වීමක දී කොමිසමේ නිලධාරීන් මේ බව ප්‍රකාශ කොට තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය පවසා ඇත්තේ විදුලි ගාස්තු සියයට 50 කින් වැඩි නොකළහොත් මණ්ඩලයේ වියදම් පියවීමට නොහැකි වන බවත්, ඉන්ධන සහ  විදුලි සැපයුම් සඳහා ගෙවීම් කිරීමට නොහැකි වන බවත් ය.

මුල්‍ය අරමුදලේ ඉදිරි වාරිකය ලබා ගැනීම සඳහා විදුලි ගාස්තු සංශෝධනය ප්‍රධාන කොන්දේසියක් බව ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත එවන් පපාජෝර්ජියෝ මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *