|

දකුණ එකතු විය යුතුද? – සරත් අබේසිංහ

දැනට රටේ පවතින්නේ වාමාංශික රජයකි. එනමුත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ දක්ෂිණාංශික ප්‍රතිපත්ති වේ. එයට එක ප්‍රධාන හේතුවක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුමයි. එම ගිවිසුමෙහි අවධානය ඇත්තේ වාමාංශික හෝ දක්ෂිණාංශික හෝ වීමට වඩා ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට ප්‍රයෝගික විසඳුම් සෙවීමයි. ආර්ථික අර්බුදය නම් රජය සිය ආදායමට වඩා වියදම් කිරීම නිසා හිඟය පියවීමට දිගින් දිගටම ණය ගැනීම හේතුවෙන් පියවා ගැනීමට නොහැකි ණය ප්‍රමාණයක් එකතු වීමයි. මේ සඳහා එකම විසඳුම වන්නේ රාජ්‍ය ආදායම වැඩි කිරීම සහ රාජ්‍ය වියදම අඩු කිරීමයි. එනම් රාජ්‍යය කුඩා කිරීමයි. රාජ්‍යය කුඩා කිරීම වාමාංශික උපාය මාර්ගයන්ට පටහැනිය. එය දක්ෂිණාංශික උපාය මාර්ගයකි. එමෙන්ම එය ජනප්‍රියවාදී ක්‍රියා මාර්ගයක් නොවේ.

එබැවින් මේ ක්‍රියාව වඩාත් හොඳින් කළ හැකි  දක්ෂිණාංශය මීලග ජාතික මැතිවරණ වලදී බලය ලබා ගැනීමට කටයුතු කළ යුතුය. දැන් දක්ෂිනංශයේ සිටින පක්ෂ අතරින්  එක්සත් ජාතික පක්ෂය සහ  සමගි ජන බලවේගය  ප්‍රධාන වේ. මේ පක්ෂ දෙක නැවත එකතු විය යුතු යයි ප්‍රබල ජන මතයක් ද තිබේ. මේ පාක්ෂිකයන් අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට(සජිත්) එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට (රනිල්) වඩා මැතිවරණ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ඇතැයි මේ පක්ෂ දෙකේම පාක්ෂිකයන්ගේද ජනතාවගේද යම් මතයක් තිබේ. මේ ලිපියේ අරමුණ එම මතය විශ්ලේෂණයකට ලක් කිරීමයි.

සජිත් සිය දේශපාලනය අරඹන්නේ ආර්. ප්‍රේමදාස මහතා(ප්‍රේමදාස) ජිවතුන් අතර සිටියදී 1992 දී ය. ඔහු වරක් කොළඹින් දේශපාලනය කිරීමට උත්සාහ කර ප්‍රේමදාසගේ බලපෑමට එය අතහැර දැමීය.  පසුව ප්‍රේමදාස   විසින්ම හම්බන්තොටට ඔහු එවන ලදී. ඔහු එන විට ආසනයේ කටයුතු වලට වියදම් කිරීමට විශාල මුදල් ප්‍රමාණයක් ඔහු සතුව තිබුණි. එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටි ප්‍රබල එජාප නායකයන් වූ රන්ජිත් අතපත්තු සහ පී.එම්.බී.සිරිල්, ප්‍රේමදාස විසින් උපක්‍රමශීලීව පසුපසට ගන්නා ලදී. ඒ අනුව සජිත්ට හම්බන්තොට වැඩ කිරීම සඳහා විශාල අනුග්‍රහයක් ලබා දෙන ලදී.

ප්‍රේමදාසගේ අභාවයෙන් පසුව පැවැත්වූ ප්‍රථම ජාතික මැතිවරණය වූ  1994 මහා මැතිවරණයේදී ප්‍රේමදාස මැතිණිය විසින් කොළඹ දිස්ත්‍රික්කයද සජිත් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයද තරඟ කිරීමට ඉල්ලා සිටි අතර නොයෙකුත් විවාදාපන්න කරුණු මත එය සිදු නොවිය. එවකට රනිල් අගමැති විය. එම තීරණයට  සජිත් එරෙහි විය. ඔහු ගේ හිතෛෂීන් වූ එජාප පාක්ෂිකයන් විසින් විසින් 1994 මහා මැතිවරණයේදී එජාප යට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට ජනතාව පොළඹවා ඇත. මේ පිලිබඳ සාක්ෂි ලියුම්කරු සතුව ඇත. ඔහුගේ අරමුණ විය හැකිව තිබුනේ රනිල් පරාජය කර පක්ෂ නායකත්වය ගැනීමයි. මෙය තීරණාත්මක මැතිවරණයකි විය. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හම්බන්තොටින් ඡන්ද 15,309 ක් ලබා එක ආසනයක් දිනා ගත්තේය.  පොදු පෙරමුණට ආසන 4 ක් ලැබුන අතර එජාප යට ලැබුනේ ආසන දෙකකි. එජාප යට හම්බන්තොටින් තවත් ඡන්ද 1000 ක් ලැබුනේ නම් එජාපයට තව  ආසනයක් ලැබෙනු ඇත. මේ ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද සජිත් ගේ ආධාරකරුවන් විසින් හරවන ලදී. මේ ආසනය ලැබුනේ නම් එදා  ආණ්ඩුව පිහිටුවන්නේ එජාප යයි.

සජිත්ට හම්බන්තොට කොට්ටාශ බල මණ්ඩලය සමඟ තවත් බලතල ලබා දෙන්නේ ගාමිණී දිසානායක මහතා විසින් 1994 ජනාධිපතිවරණයට පෙරයි. සජිත් මුල්වරට  පාර්ලිමේන්තුවට පත් වන්නේ 2000 වසරේදීය. පසුව තිස්සමහාරාම ආසන  සංවිධායක ධුරය ඔහුට ලැබුනේ 2001 ට පසුවයි. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල තම ආසනයයි. තිස්සමහාරාමයේ  කුල සාධකය ත් තිබේ. එහි වාසිය සජිත් ට හිමිය. ලුණුගම් වෙහෙර ජනපදිකයන්ගේ වාසිය එජාප යට හිමිය. එනිසා එය එක්තරා ආකාරයක පහසු ඉලක්කයකි. ඉන්පසු හම්බන්තොට පැවතියේ ඔහුගේ ආධිපත්‍යයයි. එනමුත් හම්බන්තොට එජාප දිස්ත්‍රික් බල මණ්ඩලය යටපත් කිරීමට ඔහුට නොහැකි විය. එයට ප්‍රතික්‍රියා කරමින් එම බල මණ්ඩලය නොකැඳවා සිටීමට  ඔහු කටයුතු කළේය. එය පක්ෂයට අවාසියක් විය.

සජිත් දිස්ත්‍රික්කයේ අනෙක් ආසන වලටද පැමිණ විවිධ භාණ්ඩ බෙදාහැරීම් වැනි කටයුතු කරමින් ඔහුගේ ඡන්ද පදනම වැඩි කර ගැනීමට උත්සාහ ගත්තේය. ඔහු තමන්ට අවනත නොවන එජාප පාක්ෂිකයන්ට දුෂ්ට ලෙස සැලකූ අතර පක්ෂ මුලස්ථානය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට සාමාජිකයන්ට අවස්ථාව නොදුන්නේය. පක්ෂයේ සමිති පිහිටුවීමට සහ සාමාජිකයන් බඳවා ගැනීමටද ඔහු බාධා කළේය. ඔහුට අවශ්‍ය වූයේ පාක්ෂිකයන් වැඩි කිරීම නොව ඔහුට අවනත පිරිසක් බිහි කිරීමටයි. දිස්ත්‍රික් නායකයාට සහ පක්ෂ නායක රනිල් ට මේ පිළිබඳව පැමිණිලි කළත් ඔවුන් ඒ පිළිබඳව ක්‍රියා කළේ නැත. ඔවුන් එසේ ක්‍රියා නොකළේ සජිත්  හිටපු එජාප නායක ප්‍රේමදාස ගේ පුත්‍රයා වීම නිසා  විය හැක. ඔහුගේ සංවිධාන ශක්තිය හෙළි වන්නේ මැතිවරණ වලදී ලබා ගන්නා ඡන්ද වලිනි.

ඉහත ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ 1994 මහා මැතිවරණයේ සිට 2019 ජනාධිපතිවරණය දක්වා පවතී ජාතික මැතිවරණ වලදී එජාප මුළු රටෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාවත් එජාප හම්බන්තොටින් සහ සජිත් ගේ ආසනය වන තිස්සමහාරාමයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශත සංසන්දනය කිරීමකි. ඒ අනුව සජිත් මන්ත්‍රීවරයෙක් වන වර්ෂ 2000 සිට  හම්බන්තොට එජාප ඡන්ද ප්‍රතිශතය අනුක්‍රමයෙන් අඩු විය. සජිත් ගේ ආසනය වන තිස්සමහාරාමයේද එජාප ඡන්ද ප්‍රතිශතය අඩුවෙමින් ගිය නමුත් එය හම්බන්තොට සමස්ත ප්‍රතිශතයට වඩා ඉහලින් තිබේ. සමස්ත එජාප ඡන්ද ප්‍රතිශතය මිට වඩා වෙනස්ය. ජනාධිපතිවරණ වලදී වෙනත් පක්ෂ වල විශේෂයෙන්ම උතුරේ ජනතාවගේ ඡන්ද ද එජාප යට ලැබුන බැවින් එවැනි අවස්ථාවල සමස්ත ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක් ගනී. එජාපයේ සමස්ත ප්‍රතිඵලය අඩුම මට්ටමට වැටුනේ 2010 මහා මැතිවරණයේදීය. කෙසේවෙතත් ප්‍රස්ථාරයේ උපනතිය වන්නේ සමස්ත එජාප ඡන්ද ප්‍රතිශත වැඩිවන අතර හම්බන්තොට සහ තිස්සමහාරාම ඡන්ද ප්‍රතිශත අඩු වීමයි.

මෙයට හේතුව වශයෙන් ඉදිරිපත් කළ හැකි එක තර්කයක් වන්නේ හම්බන්තොට රාජපක්ෂ වරුන්ගේ බලකොටුවක් බවත් සජිත් එහි සිටීම නිසා ඔවුන්ගේ බලය යම් පමණකට සිමා වී ඇති බවත් යම් හෙයකින් සජිත් හම්බන්තොට නොසිටියේ නම් එජාප යේ ඡන්ද ප්‍රතිශතය මීට වඩා අඩු විය හැකි බවත්ය.

මේ සඳහා විමසා බැලිය හැකි නිර්ණායකයක් තිබේ.එනම් සජිත් විසින් ලබා ගත මනාප ඡන්ද වල ප්‍රගතිය විමසා බැලීමයි.

එජාප ඡන්ද වල ප්‍රතිශතයක් ලෙස  
  2000 2001 2004 2010 2015  
සජිත් 83.11 82.24 83.91 89.69 86.36  
දිලිප් 36.82 34.64 41.2 56.8 50.13

ලියාපදිංචි ඡන්ද වල ප්‍රතිශතයක් ලෙස  
  2000 2001 2004 2010 2015  
සජිත් 27.48 24.59 21.59 17.68 24.33  
දිලිප් 12.18 10.36 10.6 11.2 14.13

ඉහත පළමු වගුවේ දැක්වෙන්නේ 2000 සිට 2015 දක්වා මහා මැතිවරණ වල සජිත් සහ ඔහුගේ සගයකු වන දිලිප් වෙද ආරච්චි මහතා (දිලිප්) ලබා ගත් මනාප ඡන්ද ප්‍රතිශත යි. එනම්  ඔවුන් ලබා ගත් මනාප එජාප ලබා ගත් මනාප වල ප්‍රතිශතයක් ලෙසය. සජිත් සහ ඔහුගේ ආධාරකරුවෝ  බොහෝ විට මෙම ප්‍රතිශතය උලුප්පා දක්වති. මක්නිසාද යත් එම ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා බැවිනි. නමුත් තරමක් විමර්ශනය කරන විට පෙනී යන කාරණය වන්නේ එජාප ය ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබන විට සජිත් ගේ මනාප ප්‍රතිශතය ඉහළ යන බවයි. උදාහරණයක් ලෙස සජිත් ගේ ඉහළම මනාප ප්‍රතිශතය වන 89.69 ඔහු ලබා ගන්නේ එජාපය හම්බන්තොටින් අවම ඡන්ද ප්‍රමාණයක් ලැබූ 2010 මහා මැතිවරණයේ දිය.

දෙවන වගුවේ දැක්වෙන්නේ ඔවුන් දෙදෙනා මුළු ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් ලැබූ ප්‍රතිශතයයි. මක්නිසාද යත් ඕනෑම අපේක්ෂකයකු ගේ වගකීම වන්නේ පළමුව එජාප ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීමත් දෙවනුව එම ලැබෙන ඡන්ද වලින් සිය මනාප ප්‍රතිශතය වැඩි කර ගැනීමත් බැවිනි. දෙවැන්න පළමුවැන්නට වඩා කිසිසේත්ම ඉදිරියෙන් තැබිය නොහැක.

මේ අනුව 2000 සිට 2015 දක්වා සජිත් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් තම ලබා ගත් මනාප ප්‍රතිශතය 3.15% කින් අඩු කරගෙන ඇති අතර දිලිප් එම කාල සීමාව සඳහාම  එම ප්‍රතිශතය 1.95% කින් වැඩි කරගෙන ඇත. එබැවින් සජිත් ගේ මනාප අඩු වීම එතරම් ප්‍රමාණාත්මක නොවුනත් හම්බන්තොට සමස්ත ඡන්ද අඩුවීමට සමානුපාතික වේ.

අවසාන වශයෙන් මා  ඉදිරිපත් කරන්නේ 2015  මෛත්‍රිපාල සිරිසේන මහතා (මෛත්‍රි)ඉල්ලූ ජනාධිපතිවරණයේද  2019 සජිත් ඉල්ලූ ජනාධිපතිවරණයේද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රාජපක්ෂ වරුන්ට නොදුන් ඡන්ද ලබා ගැනීමට ඔවුන් දෙදෙනාට තිබු හැකියාවයි. පහත වගුවේ ආකාරයට මෛත්‍රී රාජපක්ෂ විරෝධී ඡන්ද වලින් 1.05% ක් හැර ඉතිරි සියලුම ඡන්ද ලබා ගත් අතර සජිත් ට රාජපක්ෂ විරෝධී ඡන්ද වලින් 7.98% ක් ලබා ගත නොහැකි විය. ජවිපෙ ලබා ගත් 6.24% අඩු කළ හොත් (ජවිපෙ 2015 දී සහය දුන්නේ මෛත්‍රී ටයි.)1.74% ක හිඟයක් තිබේ. මෙය මෛත්‍රී ගේ හිඟයට වඩා 0.69% ක් වැඩිය. මෛත්‍රී තරඟ කළ අපේක්ෂකයාට වඩා දුර්වල අපේක්ෂකයකු හා තරඟ කල සජිත්ට රාජපක්ෂ විරෝධී ඡන්ද හම්බන්තොටින් මෛත්‍රී තරම්  ආකර්ෂණය කර ගත නොහැකි විය. එබැවින් ඔහු ඡන්ද රැස් කිරීමේ සමතෙකැයි කීම සත්‍යයක් නොවේ සජිත් ප්‍රසිද්ධියේ නොකිව්වත් හම්බන්තොටින් යන්නේ මේ කාරණය නිසාය.

ප්‍රතිශතයක් ලෙස 2015 2019
  මෛත්‍රී සජිත්
රාජපක්ෂ  වි‌රෝධී ඡන්ද 36.98 33.83
මෛත්‍රී/සජිත් ලබාගත් ඡන්ද 35.93 25.85
ගිලිහී ගිය ඡන්ද 1.05 7.98

එබැවින් සජිත් කියන තරම් දක්ෂයෙක් නොවේ. ඔහු රනිල්ට දිගටම පරදින බවට චෝදනා කළත් ඔහුද දිගටම පරදී. රනිල් පක්ෂයේ නිසි විනයක් පවත්වාගෙන යාම, හැකියාවට නිසි තැන දීම, පක්ෂය නිසා විපතට පත්වන අය පිළිබඳව සොයා බැලීම සහ නිසි කළමනාකරණයක් යටතේ පක්ෂය යලි ගොඩ නැංවීම නොකරන තාක් කල් පක්ෂය ඉදිරියට නොයනු ඇත. සියල්ලන්ම තම තමන්ගේ දක්ෂතා මෙන්ම දුර්වලතා ද හඳුනාගැනීම එකතු වීමට වඩාත් පහසුය.

දකුණ එකතු විය යුතුද?

සරත් අබේසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *