වාමාංශික දක්ෂිණාංශික වචනවල තේරුමක් අද නැහැ – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

(පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ හිටපු පීඨාධිපති ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා සමග කරන ලද සාකච්චාවක්.)

michael-fernando photo - 1වාමාංශික පක්‍ෂවලට ශ‍්‍රී ලංකා දේශපාලනයේ ඉතා දිගු ඉතිහාසයක් තියෙනව. නිදහසින් පස්සේ වසර 65 ක් ගෙවිලත්, වාමාංශික පක්‍ෂ ජනතාව තුළ ඇති කරගෙන තිබෙන ස්ථාවරය කුමක්ද? අද අපිට දකින්න සිද්ධ වෙලා තියෙන්නේ මේ වාංශික පක්‍ෂ සේරම එකතුවෙලා අන්ත දක්‍ෂිණාංශික කියලා හඳුන්වපු එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙව ඒමට උදව් කිරීම නේද?

ඔය වාමාංශික, දක්‍ෂිණාංශික කියන වචන දෙක දැනට අවුරුදු 20 කට විතර ඉස්සර පාවිච්චි කරපු වචන දෙකක්. අද සමස්ත ලෝකයේම එදා පැවති තත්ත්වය ඒ විදියටම නෑ. නව ලිබරල්වාදී කියන තත්ත්වයත් ප‍්‍රතික්ෂෙප වෙලා. අන්ත දක්‍ෂිණාංශික කියල එකක් ලෝකේ තියෙන්න බෑ. ඇමරිකාව පවා පිළිඅරගෙන තියෙනවා ඒක. ආර්ථිකයට රාජ්‍යය මැදිහත වීම අද පිළි ගන්න වෙලා තියනව.
එතකොට ජෝසප් ස්ටිග්ලිට්ස්, තෝමස් පිකෙටි ඒ විතරක් නෙමේ 1991 දි සමාජවාදය බිඳවැටුණම ඉතිහාසයේ අවසානය ගැන කතා කළ ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා 2010 දි ලිව්වා හෙවත් සමාජවාදයේ පුනරාගමනයක් වනු ඇති ද? කියලා. ඒ කියන්නේ ඒ ගොල්ලන්ට තේරෙන්න පටන් ගත්තා, මේ තියෙන ධනවාදයත් මේ ගොල්ලන්ට මෙහෙම පවත්වගෙන යන්න බෑ කියලා. ඒ නිසා අද සමස්ත ධනවාදි ලෝකයම එක තැනකට ඇවිල්ලා තියෙනවා, මේ තියෙන ධනවාදී විවෘත ආර්ථිකය ( ඕපන් ඉකොනොමි* මේ විදිහට ගෙනියන්න බෑ කියල. ප‍්‍රධානම දේ තමයි ඒ ගොල්ල දකින සමාජයේ ආදායම් විෂමතාව  අඩුකරන්න  ඕනමයි. පිකටි යෝජනා කරන්නේ මුළු ලෝකය පුරාම මේ විදිහට 80% ක ඉන්කම් ටැක්ස් එකක් ගහන්න  ඕන කියලා. එහෙම නැත්නම් මේ සිස්ටම් එක බිඳවැටෙනව, ලොකු අර්බූදයකට පත්වෙනව කියලයි ඔහු කියන්නෙ.

ලංකාව ගත්තම තියෙන තත්ත්වය නම්, ලංකාවේ ධනවාදි පක්‍ෂ දෙකක් තියෙනව. කිසිම වෙනසක් නැති ධනවාදී පක්‍ෂ දෙකක්. ජේ.ආර්. ජයවර්ධන පටන්ගත්තු ක‍්‍රමයතමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අනුගමන කරන්නෙත්, එක්සත් ජාතික පක්‍ෂය අනුගමනය කරන්නෙත්. ඒ අතින් අද අපට තෝරගන්න සිද්ධ වෙලා තියෙන්නේ වඩා පජාතන්ත‍්‍රවාදී ධනවාදී පක්‍ෂය කොයි පක්‍ෂයද කියන එක. එහෙම බලනකොට මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හොඳද? නව ලිබරල්වාදී ඒ වගේම නැත්නම් ගජ මිතුරු (ක්‍රෝනී කැපැටලිසම්* ක‍්‍රමය හොඳද කියන එක. එක්සත් ජාතික පක්‍ෂයේ තියෙන වෙනස තමයි ඔවුන් තවමත් විස්වාස කරනවා තර`ගකාරී ආර්ථිකයත් සම`ග ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හැසිරීම අවශ්‍යයි කියන එක. ඒකයි තියන වෙනස

දෙවන ලෝක යුද්දෙ වෙලාවෙදි අපි සහයෝගය දුන්නෙ පැසිස්ට් වාදයට විරුද්ධව ධනවාදී රටවලටයි. ධනවාදයත් නරකයි. පැසිස්ට් වාදයත් නරකයි ඒත් වඩා භයානක පැසිසිට්වාදයයි. අද අපිට ලංකාවෙ ධනවාදී පක්‍ෂ දෙකක් තියෙනවා. අපිට සිද්ධවෙලා තියෙනවා වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධනවාදී පක්‍ෂයට උදව් දෙන්න. ඒ කණ්ඩායම එක්ක එකතුවෙලා මහින්ද කණ්ඩායමේ පැසිස්ට්වාදය පරාජය කිරීමඅවශ්‍යයි. පැසිස්ට් ක‍්‍රමයේ ඒකාධිපතිවාදයකට එරෙහිව සියල්ලන් එකට එකතුවීමක් කරන්න තමයි අද සිද්ධවෙලා තියෙන්නේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේත්, එතුමාගෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නායකත්වය දුන්, අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේත් දේශපාලන වශයෙන් ක‍්‍රියාකාරී දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය පවා, නොකිය කියනවා එක්සත් ජාතික පෙරමුණ දිනවිය යුතුයි කියලා. එය සමහරුන්ට අදහාගත නොහැක්කක් වගේ.

නොකියා නෙමේ, ඒක චන්ද්‍රිකා කෙළින්ම කියනවා. එයත් දකින්නේ මේ තියන තත්ත්වයෙ හැටියට එක්සත් ජාතික පෙරමුණ දිනවිය යුතුයි කියලා. එතුමිය කියන්නේ රටත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, මහින්ද රාජපක්‍ෂ විසින් පාදඩකරණය කරලා කියලා. ඇයත් කියන්නේ මේ පාදඩ ධනවාදයෙන් බේරාගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට සියලූ දෙනාම එකතුවිය යුතුයි කියලා.

පසුගියදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී විශේෂ සමුලූවක් පවත්වා, අර්ධ ස්වයං විවේචනයක් කරපු ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයිද වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී, වඩාත් සමාජවාදී දේශපාලන පක්‍ෂය වශයෙන් අද ජනතාව තෝරගන්නේ?

එතන ලොකු ප‍්‍රශ්නයක් තියෙනව. ජනතා විමුක්ති පෙරමුණ තාමත් ඉන්නේ අවුලක. එයාලගෙන් අහලබලන්න, මොකක්ද ඔයගොල්ල ‘සමාජවාදය’ කියලා අදහස් කරන්නෙ කියල? ඒගොල්න්නට තවම හිතන්න බෑ එයාලා පිළිගන්නේ, සෝවියට් රුසියාවේ තිබුණ සමාජ වාදයද?, චීනෙ තියෙන එකද?, කියුබාවේ තිබිලා වෙනස්වීගෙන යන එකද? කියලා. ඒක ඒගොල්ල තවම දන්නෙ නෑ.
ළ`ගදි ජ.වි.පෙ. සාමාජිකයෙක් වායුසමීකරණය කරන වැඩපොලකට ගිහින් කිව්වලූ අපි බලයට ආවම මේ වගේ පුද්ගලික ව්‍යාපාර කරන්න ඉඩ දෙන්නෙ නෑ කියල.  ඕව අපි ඔක්කොම ජනසතු කරනවා කියලා. ඒ සාමාජිකයෝ හිතන විදිහ. ඒත් නායකත්වයෙ තියෙන්නෙ වෙන මතයක්.

සාමාන්‍ය සමාජිකයකු එහෙම කිව්වත්, නායකත්වය අද ජනසතු ව්‍යාපාර ගැන වැරදිලාවත් කියන්නෙ නෑ. අනිත් අතින් නායකත්වය අද දේශීය ආර්ථිකයක්, ස්වයං පෝෂිත ආර්ථිකයක් වෙනුවට වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කතා කරනවා. මේකද ජනතා විමුක්ති පෙරමුණ?

ඒක තමයි, තාමත් ඒ ගොල්ල අවුලක ඉන්නේ. ඒ අවුල ලිහාගන්න එක ලේසී නෑ. ලෝකයම අද ඉන්නේ ගෝලීයකරණයක. මාක්ස් කිව්වෙත් ඒක, ලෙනින් කිව්වෙත් අවසානයේදී ලෝකය ගෝලීයකරණය වෙනවා කියලා. අධිරාජ්‍යවාදය ධනවාදයේ උපරිම අවස්ථාවයි කියන තැනයි ඔහු සිටියේ. දැන් අධිරාජවාදයත් ඉක්ම ගිහිල්ලා ගෝලීයකරණය වෙලයි තියෙන්නේ. ඒක අලූත් තත්වයක්. දැන් ඒක නවත්වන්න කොහොමත් බෑ. මට හිතෙන විදිහට අපි කැමති වුණත්, අකමැති වුණත් කාලාපීය වශයෙන් සංවිධානය වෙන්න  ඕනැ. ආසියානු කලාපයේ අපි සංවිධානය වෙන්න  ඕනැ. යුරෝපීය කලාපය ඒ පැත්තෙන්, ඇමරිකානු කලාපය හා අනිත් අතින් චීනය. දැන් චීනය තරමක් දුරට තමන්ම තොරා ගත් මගක ගිහිල්ලා.

මේ පක්‍ෂ ප‍්‍රතිපත්ති හා විවිධ මතවාද, හැල හැප්පීම් අස්සේ ජනතාවගෙ දේශපාලන පක්‍ෂ සම`ග තියෙන බැඳීම ඈත්වෙලා තියෙනවා. පාවෙන ඡුන්ද ලක්‍ෂ තිහක් දක්වා වැඩිවෙලා තියෙනවා කියල උපකල්පනය කරනවා. මේ මැතිවරණයේදී පාවෙන ඡුන්ද කෙසේ හැසිරෙයිද?

මට පුද්ගලිකව දැනිල තියෙන දේ තමයි, තවමත් මහින්දට ඡුන්දෙ දෙන්න පිරිසක් ඉන්නව. තව ප‍්‍රවනණාවක් තියෙනවා අලියට ඡුන්දෙ දෙන්න බැරිහින්දා ජේ.වී.පී. එකට ඡුන්දෙ දෙන්න කැමැත්තක් තියෙන. මම නම් හිතන්නේ මහින්දගෙන් කැඩිලා ජේ.වී.පී. එකට යන ප‍්‍රවණතාව වැඩියි කියල. එහෙම වුණොත් වාසිය එක්සත් ජාතික පෙරමුණට.

මෙවර මැතිවරණය අලූයට ගිනි වගේ. මතුපිටින් හරිම නිහඬයි. ඇතුළත ගුප්තයි. මේ තත්ත්වය මැතිවරණ කොමසාරිස්ගේ බලතල වැඩිවීමත්, බල තල නිසි ලෙස පාවිච්චි කිරීමට නිදහස ලැබීමත් නිසා ඇතිවූවක්ද? නැති නම් ඡුන්ද දායකයාගේ මානසික පසුබෑම නිසා ඇති වූවක්ද? එහෙමත් නැතිනම් ඡුන්දදායකයගෙ බුද්ධි මට්ටම උසස් වීමෙන් ඇතිවූවක්ද?

එක අතකින් ජනතාව ජානාධිපති මැතිවරණය අවසන්වෙලා, ජයග‍්‍රහණයක් ලබල ඉන්නවා. ඒ අ යට  ඕනැ එම ජයග‍්‍රහණය ඉදිරියට ගෙනයන්නයි. සමහර පිරිසක් ඉන්නේ ලොකු අවුලක. කාටද ඡුන්දෙ දෙන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නේ. තවත් අතකින් ඇත්තටම සාමකාමී පරිසරයක් ඇතිවෙලා තියෙනවා. දේශපාලන අල්ලස් සඳහා බඩු බෙදන්නේ නෑ. සෙන`ග නොමිලේ බස්වලින් අරගෙන යන්නේ නෑ. අඩි සිය ගණන් උස දෑවැන්ත කටවුට් නෑ. රනිල් වික‍්‍රමසිංහ මහතා නම් කියන්නේ එංගලන්තේ මැතිවරණයක් වගේ කියල. ඒක එහෙමම කියල මම කියන්නේ නෑ. මිනිසුන්ට දැන් තේරිලා ගියෙනවා. අපි ගහ බැන ගෙන වැඩක් නෑ කියල. මිනිස්සු හිතන්නේ ඡුන්දෙ දීලා අපි පැත්තකට වෙලා ඉන්නවා කියල. ඒක හොඳ තත්ත්වයක් කියල මම හිතන්නෙ.

යහපාලනය තේමා කරගෙන, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ වත්මන් සභාපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිතුමායි, එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහටයි එකට එකතුවෙලා, එක ගමනක් යන්න පුළුවන්වෙයිද? ගැටුම් සහගත තත්ත්වයක් ඇති වෙයිද?

ගැටුම් සහගත තත්ත්වයක් නම් ඇති වෙයි කියල හිතන්න අමාරුයි. ඒත් එක`ග වෙන්න බැරි තැන් නම් ඇතිවෙයි. එක සිද්ධියක් දැනටමත් ඇති වෙලා තියෙනව. මහ බැංකු සිද්ධිය පිළිබඳ දෙන්නාගේ මත දෙක වෙනස්. ඒකෙන් මෛත‍්‍රී ගන්නේ ජනප‍්‍රිය මතවාදය. මැතිවරණයකදි එයින් ඇතිවන ප‍්‍රතිඵලය ගැන ඔහු හිතනවා. මට හිතෙන විදිහට මෙතනදි රනිල් අතින් නොදැනුවත්ව හෝ නොදැනුවත්ව වංචාවක් සිද්ධවෙලා තියෙනව. දැන් ඒක වහගන්න හදනවා.

බැංකු ක්‍ෂේත‍්‍රයේ සමහර අය කියනවා, මෙතන වැරැුද්දක් සිද්ධවෙලා නෑ, වෙන්දේසිය නීත්‍යානුකූ විදිහට වෙලා තියෙනව කියල. ඒත් සදාචාරාත්මක නොවන දෙයක් වෙලා තියෙනව කියල කියනව. කොහොමත් සදාචාරාතකත්ම නොවීම වැරැුද්දක්. කෙසේ වුවත් දේශපාලන ඇහෙන් බලනකොට රනිල් කරගත්ත වැඬේ යහපාලන ව්‍යාපාරයට බාධාවක්.

 

michael-fernando photo - 1

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *