මැතිවරණයෙන් එජාපයට ආසන එකසිය දහයක් – ටී කේ රිසර්ච් සමීක්ෂණ වාර්තාවක්
මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන එකසිය දහයක් දිනාගන්නා ටී කේ රිසර්ච් ඇන්ඩ් සොලුටිඔන්ස් ආයතනය කළ ස්වාධීන ජනමත සමීක්ෂණයකින් හෙළිදරවු කොට ඇත . ඔවුන්ගේ සමීක්ෂණයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන අසු හතරක්ද ජනතා විමුක්ති පෙරමුණට දහ සයක්ද දෙමල ජාතික සන්ධානයට දහ හතරක් ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් ආසනයක්ද හිමිවනු ඇත .
මෙම සමීක්ෂණය අනුමාන නිගමන නොව තම සමීක්ෂකයන් යොදවා රටපුරා කළ මත විමසුම් ලබාගත් දත්ත අනුව සැකසු බවත් ටී කේ රිසර්ච් ආයතනය කියයි . ජනමත සමීක්ෂණ ක්ෂේත්‍රයේ වසර පහකට වැඩි පල පුරුද්දක් ඇති තම ආයතනය මේ වනවිට ඉහළ පිළිගැනීමකට හිමිකම් කියන බවත් එම ආයතනය වැඩිදුරටත් පවසයි .
එජාපය හා එජනිසය දිස්තික්ක නවය බැගින් ජයගන්නා බවත් දෙමළ සන්ධානය දිස්ත්‍රික්ක හතරක් ජයගන්නා බවත් මෙම සමීක්ෂණ වාර්තාවේ සදහන්ය .
