ඩෑන් ප්‍රියසාද් ඝාතනය ; බෝලය තියෙන්නේ ආණ්ඩුවේ කොටුවේ – මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි
සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ආණ්ඩුවට එල්ලකරන චෝදනා තමන් නොපිළිගන්නා නමුත් මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂා කොට හෙළිදරව් කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට බවත්, බෝලය ඇත්තේ ආණ්ඩුවේ කොටුව පැත්තේ බවත් ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමතෙකු වන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.
මෙබඳු අපරාධ විසඳීමේ දක්ෂතාවය පොලිසිය සතුව ඇතත් එය ක්‍රියාත්මක කිරීමට දේශපාලන නායකත්වයක් අවශ්‍ය නමුත්, එම හැකියාව වත්මන් ආණ්ඩුවට තිබේද යන්න සැක සහිත බව ද ඒ මහතා කියයි. ආණ්ඩුවේ ධාරිතාවය සහ ධාරිතාවය වර්ධනය කරගැනීමේ හැකියාව පිළිබඳව ද සැක සහිත බව මහාචාර්ය දේවසිරි මහතා ප්‍රකාශ කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ මහ මොලකරු හෙළි කිරීම පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සෙවීමට වඩා වැදගත් බව ද ඒ මහතා කියයි.
ඒ මහතාගේ යු ටියුබ් අඩවියට වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්යවරයා මේ අදහස් පළ කොට තිබේ.
