ඉන්දු – ලංකා යුද ගිවිසුම රහසක් – ඉන්දියාවේ අවසර නැතිව හෙළි කරන්න බැහැ – කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය දා අත්සන් කළ ආරක්ෂක ගිවිසුමේ කරුණු ඉන්දියාවේ අවසර නොමැතිව හෙළිදරව් කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මොදී මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ කළ සංචරය අතරතුර දෙරට අතර මෙම ආරක්ෂක ගිවිසුමට අත්සන් තබනු ලැබීය.
