කොවිඩ් එන්නත් එකක් නොව දෙකක් එනවා ; දෙසැම්බරයේ ජනතාවට දෙන්න පුළුවන් – ඇමෙරිකානු ජාතික බෝවන රෝග අධිකාරියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි

කොවිඩ් එන්නත් එකක් නොව දෙකක් එනවා ; දෙසැම්බරයේ ජනතාවට දෙන්න පුළුවන් – ඇමෙරිකානු ජාතික බෝවන රෝග අධිකාරියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි

කොවි19 රෝගය සඳහා ලබාදිය හැකි එන්නත් දෙකක් ම සම්බන්ධ සායනික පරීක්ෂණ අවසන් අවස්ථාවට පැමිණ ඇති බවත්, ඒවා පිලිබඳ අවසන් තීරණ ගැනීම ඉක්මන් කොට ලබන මාසය වනවිට ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකාවේ ජාතික ආස්මිකතා සහ බෝවන රෝග අධිකාරියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි මහතා ප්‍රකාශ කරයි. ෆයිසර් සමාගමට අමතරව තවත් සමාගමක් එන්නත් නිෂ්පාදනය සාර්ථක ව…

අද තවත් කොවිඩ් රෝගීන් 430ක් ; පොකුර දැන් 11,233 යි

කොවිඩ් 19 රෝගීන් 430 දෙනකු අද දිනයේ හඳුනාගත් බව රජය නිවේදනය කරයි . මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වනවිට 11,233 ක් දක්වා ඉහළ  ගොස් ඇත. රජය කියන්නේ අද හමු වූ සියළු  ආසාදිතයින් පෑලියගොඩ පොකුරට සම්බන්ධ බවයි.

බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ  දමා ඇත. ඒ අනුව රුපියල් 12ක් වූ අවම ගාස්තුව රුපියල් 14 දක්වා වැඩි කොට ඇත. අනෙකුත් ගාස්තු සියයට 12 සිට 15 දක්වා ප්‍රමාණවලින් වැඩිවන බව කියති. මෙම ගාස්තු වැඩි වීම කොවිඩ් අනතුර වැඩි ප්‍රදේශවලට සහ මෙම කාලයට පමණක් බව ද කියති.  

41 වැනි කොවිඩ් මරණයත් නිවසේ දී

කොවිඩ් 19 වැළදීමෙන් මියගිය 41 වැනි මරණය ද මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය. නිවසේ දී මියගොස් ඇති 48 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත්තේ කොවිඩ් නිසා බව සොයාගෙන ඇත්තේ රාගම රෝහලේ කළ මරණ පරීක්ෂණයේ දී ය. ඔහු පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි අයකු බව ද වාර්තා වෙයි.

බැංකු ණය සහන කාලය තවත් මාස හයකින් දිගු කරයි
|

බැංකු ණය සහන කාලය තවත් මාස හයකින් දිගු කරයි

කොවිඩ් 19 ව්‍යාප්ත වීමත් සමග ඇති වූ ආර්ථික පසු බැස්මෙන් අපහසුතාවයට පත්ව සිටින බැංකු සහ මුල්‍ය ආයතන ණයකරුවන්ට ලබා දී තිබු මාස හයක සහන කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කොට ඇත. ඒ අනුව බැංකු ණය සහ පොලිය අය කර ගැනීම තවදුරටත් අත්හිටුවා  ඇත. එම ණය සහන කාලය ලබන  වසරේ…

තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වෙයි : හඳුනා නොගත් අයෙකුත් ඒ අතර

කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් තවත් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘති දේපාර්තමේන්තුව නිවේදනය කරයි. හඳුනා නොගත් පිරිමි පුද්ගලයකු ද ඒ අතර වෙයි. රාජගිරිය , කොළඹ 10, ගම්පහ – උඩුගම්පල ප්‍රදේශවලින් අනෙක් මරණ තුන වාර්තා වී තිබේ . ඒ අනුව මේ වනවිට මෙරට කොවිඩ් – 19 ආසාදිත 40 දෙනෙකු මෙරට දී ජීවිතක්ෂයට…

ආණ්ඩුවේ අයවැය 17 දා

ආණ්ඩුවේ අයවැය 17 දා

2021 වසර සඳහා ආණ්ඩුවේ අයවැය ලේඛනය නොවැම්බර් 17 දා ඉදිරිපත් කිරීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී දින නියම කර ඇත. මුදල ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරනු ඇත මෙවර අයවැය දෙවනවර කියවීම සහ තෙවන වර කියවීම දින 11 කට සීමා කිරීමට රජය යෝජනා කොට ඇතත් විපක්ෂය එයට එකඟ වී…

විසිවැනි සංශෝධනයේ පළමු ප්‍රහාරය නීතිපතිට !

විසිවැනි සංශෝධනයේ පළමු ප්‍රහාරය නීතිපතිට !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ලබාදුන් අති විශාල බලයේ පළමු ප්‍රහාරය නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වී ඇති බව වාර්තා වෙයි . එය සිදු වී ඇත්තේ ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්ප්‍රදායිකව ලබාදෙන තනතුරු කිසිවක් ලබා නොදීම මගිනි. 20 වැනි සංශෝධනය මගින් ශ්‍රේෂ්ටාධිකරණයේ විනිසුරු වරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කොට ඇත. මෙම…

36 වැනි කොවිඩ් මරණය කඳානෙන් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 36 වැනි කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය. කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත . ඇය මියගොස් ඇත්තේ අයි ඩී එච් රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

කොවිඩ් පොකුරට අදත් 356 ක් එක්වෙති

තවත් කොවිඩ් ආසාදිතයින් 356 දෙනකු අද දිනය තුළ වාර්තා වී ඇත. සවස 172ක් හා රාත්‍රියේ 184 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම පිරිස වාර්තා වී තිබේ.

ෆයිසර් සමාගමේ කොවිඩ් එන්නත සාර්ථකයි ! – ඉක්මනින් අනුමැතිය ඉල්ලයි

ෆයිසර් සමාගමේ කොවිඩ් එන්නත සාර්ථකයි ! – ඉක්මනින් අනුමැතිය ඉල්ලයි

කොවිඩ් 19 සඳහා තමන් අත්හදා බැලු එන්නත සාර්ථක වී ඇති බව අමෙකිකාවේ ෆයිසර් සමාගම කියයි. විවිධ රටවල කරන ලද සායනික පරීක්ෂණ මගින් එහි සාර්ථක භාවය තහවුරු වී ඇති බව කියන සමාගම එයට ඉක්මන් අනුමැතිය ඉල්ලා ඇත . සමාගම කියන්නේ මෙහි සාර්ථක භාවය සියයට 90 ක් බවයි. එය දැනට භාවිත වන වෙනත් එන්නත් හා සමාන බව…

ගත වූ මාස 6ට කන කර තියා බිලියන 643ක් ණය අරන්

  වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ (2020) පසුගිය මාස හයට මහජනයා ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ දැමුණු අතර වාණිජ බැංකුවල එම අගය රන් පවුමකට රුපියල් 57,000 සිට 60,000…