විසිවැනි සංශෝධනයේ පළමු ප්‍රහාරය නීතිපතිට !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ලබාදුන් අති විශාල බලයේ පළමු ප්‍රහාරය නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වී ඇති බව වාර්තා වෙයි .

එය සිදු වී ඇත්තේ ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්ප්‍රදායිකව ලබාදෙන තනතුරු කිසිවක් ලබා නොදීම මගිනි.

20 වැනි සංශෝධනය මගින් ශ්‍රේෂ්ටාධිකරණයේ විනිසුරු වරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කොට ඇත. මෙම තනතුරු සඳහා පත්කරනු ලබන්නේ අභියාචනාධිකරණයේ ජෙෂ්ට විනිසුරුවරුන්  සහ නීතිපති දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුන් අතරින් ජෙෂ්ටයින් ගෙනි .

මෙවර ශ්‍රේෂ්ටාධිකරණයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුව වෙත ජනාධිපතිතුමා යවා ඇති නම් අතර නීතිපති දෙපාර්තමේන්තුවේ එක් නමක් හෝ නැත.

මෙලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සිදු වී ඇති අසාධාරණය නිවැරදි කරන ලෙස ඉල්ලීමට නීතිපති දප්පුල ලිවේර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී කරුණු  දක්වා ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, 20 වනිසන්ශෝධනය අනුව මෙම පත්කිරීම් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. පාර්ලිමේන්තු කමිටුවට කළ හැක්කේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *