ආණ්ඩුවේ අයවැය 17 දා

2021 වසර සඳහා ආණ්ඩුවේ අයවැය ලේඛනය නොවැම්බර් 17 දා ඉදිරිපත් කිරීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී දින නියම කර ඇත.

මුදල ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරනු ඇත

මෙවර අයවැය දෙවනවර කියවීම සහ තෙවන වර කියවීම දින 11 කට සීමා කිරීමට රජය යෝජනා කොට ඇතත් විපක්ෂය එයට එකඟ වී නැත.

අයවැය විවාදය සඳහා අවසන් එකඟත්වයක් ඇතිකර ගැනීමට පක්ෂ නායක රැස්වීමක් ලබන බදාදා පැවැත්වීමට තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *