ෆයිසර් සමාගමේ කොවිඩ් එන්නත සාර්ථකයි ! – ඉක්මනින් අනුමැතිය ඉල්ලයි

කොවිඩ් 19 සඳහා තමන් අත්හදා බැලු එන්නත සාර්ථක වී ඇති බව අමෙකිකාවේ ෆයිසර් සමාගම කියයි. විවිධ රටවල කරන ලද සායනික පරීක්ෂණ මගින් එහි සාර්ථක භාවය තහවුරු වී ඇති බව කියන සමාගම එයට ඉක්මන් අනුමැතිය ඉල්ලා ඇත .

සමාගම කියන්නේ මෙහි සාර්ථක භාවය සියයට 90 ක් බවයි. එය දැනට භාවිත වන වෙනත් එන්නත් හා සමාන බව කියති.

කිසිදු එන්නතක් සියයට සියයක් සාර්ථක යයි කිව නොහැකි බවත් , ඇතැම් එන්නත් නැවත නැවත ලබා දෙන්නේ වැඩි සාර්ථකත්වයක් සඳහා බවත් සෞඛ්‍ය සේවයේ අපේ ආරංචි මාර්ග කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුනහොත් මෙම වසර අවසානය වනවිට එන්නත් තොග ලබාදිය හැකි බව ෆයිසර් සමගම කියයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකා රජයට අද දැනුම් දී ඇත්තේ සාර්ථක එන්නතක් නිපද වූ විට ශ්‍රී ලාංකිකයින් අතරින් සියයට 20 කට එය ලබාදීමට කටයුතු කරන බව යි.

තවත් එන්නත් ගණනාවක් මුලික පර්යේෂණ අවසන් කොට සායනික අත්හදා බැලීම් තත්ත්වයේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *