බියපත් රජය සමාජ මාධ්‍ය අවහිර කරයි

රජය විසින් සමාජ මාධ්‍ය අවහිර කරනු ලැබ ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වන විරෝධතා පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ. මෙලෙස සමාජ මාධ්‍ය අවහිර කොට ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව ය.

ඉන්දියානු ණය යටතේ විදුලියත් ලැබෙයි !

ඉන්දියානු ණය ආධාර යටතේ ඊයේ ලැබුණු ඩීසල් නිසා විදුලිය කැපීම පැය එකයි මිනිත්තු 40 ක් දක්වා අඩු කළ හැකි වූ බව මහජන උපයෝගිතා කොමිසන් සභාව කියයි. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට ඊයේ මෙරටට ළඟා වූ අතර එම ඉන්ධනවලින් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලයට ලැබීම නිසා විදුලි බලාගාර ගණනාවක් යලි ක්‍රියාත්මක කිරීමට හැකියාව…

නිදහස් ජන විරෝධය හයි ජැක් කරන්න ගියැයි සජබට විරෝධයක්

  සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් රජයට එරෙහිව සංවිධානය කරන විරෝධතා ව්‍යාපාර තම පක්ෂයේ වැඩක් බවට පත්කර ගැනීමට සමගි ජන බලවේගය උත්සහ දරන දවට චෝදනා කරමින් සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරීන් විරෝධය පළ කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් තනතන විරෝධතා සංවිධානය කොට තිබු අතර අප්‍රේල් 3 දා මහා උද්ඝෝෂණ…

තොන්ඩමන්ගේ දෙදෙනාත් විපක්ෂයට යන්න සුදානම්

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ද ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට සුදානම් බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක වතු යටිතල පහසුකම් සහ සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අද කොටගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය. වතුකරයට බලපාන රසායනික පොහොර ප්‍රශ්නය සහ වතුකර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට රජය කටයුතු නොකිරීම නිසා මෙම තීරණය ගැනීමට සුදානම්…

ගොවීන්ට පොහොර, වන්දි නොදුන්නොත් ඇමතිකමෙන්, දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා ඉවත්වෙනවා – රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

මෙම අප්‍රේල් මස අවසන් වීමට පෙර ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට නොහැකි වුවහොත් තමන් මේ වනවිට දරණ පළාත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි පළමුවැනිදා ඉල්ලා අස්වන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දන්වයි. රජයේ කාබනික…

රට පුරා ඇඳිරි නීතිය පනවයි

අද සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත. එය 4දා සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පාර්ලිමේන්තුව කල් තබන යෝජනාවක් ! හදිසි නීතිය නිසා ජනපති දෙගිඩියාවෙන්

පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ බහුතර බලයට තර්ජනයක් එල්ල වී ඇති තත්ත්වය තුළ, ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කල් තැබීමට ආණ්ඩු පක්ෂය තුළින් යෝජනාවක් ඉදිරිපත් වී ඇතත්, එසේ කළ හොත් ඊයේ ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය අහෝසි වී යන බැවින් දෙගිඩියාවක් හටගෙන ඇති බව වාර්තා වෙයි. අන්තර් වාර පාලනයක් වහා ම ඉල්ලා සිටින ආණ්ඩුවේ කැරලිකරුවන් එසේ නොකළහොත් පාර්ලිමේන්තු…

ඩොලර් ලක්ෂ තුනක වංචාවට ජාලිය වික්‍රමසුරිය වරද පිළිගනී ; ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතා ශ්‍රී ලංකා රජය සතු ඩොලර් ලක්ෂ තුනකට වැඩි මුදලක් වංචා කිරීම ගැන ඇමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිළිගත් බව ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත. අගමැති මහිද රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙක් වන ජාලිය වික්‍රමසුරිය මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා…

|

“මම අවුරුදු ගණනක් තිස්සේ හදාගත් දේ මුන් දෙන්නා අවුරුදු දෙකෙන් කෑවා” ! – අගමැති මහින්ද රාජපක්ෂ

මම අවුරුදු ගානක් තිස්සේ හදාගත් දේ මුන් දෙන්නා අවුරුදු දෙකෙන් කෑවා යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව සමාජ මාධ්‍ය වාර්තාවක් මගින් කියයි. එහි සඳහන් වන ආකාරයට අගමැතිතුමා මෙම ප්‍රකාශය සිදුකොට ඇත්තේ ඒ මහතා ජනාධිපති සමයේ ප්‍රබල චරිතයක්ව සිටි ආයතන සභාපතිවරයකු වන ප්‍රියත් බන්ඳු වික්‍රම මහතා සමග ය.  වත්මන් අර්බුදය විසඳීමට මැදිහත්වන්නැයි ඉල්ලීමට තමා…

රටට වැරදුණේ ඇයි? – මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ මණ්‍ඩලය සමග ලංකා ආණ්‍ඩුව නිල වශයෙන් සාකච්ඡා කර තිබෙන්නේ 2021 දෙසැම්බර් මාසයේ 7 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය ඇතුළතදීය. ඒ සාකච්ඡාවලට මුදල් ඇමැති, භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති ද සහභාගි වී තිබේ. මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂ මණ්‍ඩලය මේ වාර්තාව එළිදක්වා තිබෙන්නේ ඒ සාකච්ඡාවලින් අනතුරුවය. එනම්, 2022 පෙබරවාරි 25 වැනිදාය. ඒ…

මිරිහානේ කැරැල්ලෙන් ආණ්ඩුවේ කැරැල්ල ඉක්මන් වෙයි ; පාර්ලිමේන්තු බහුතරය අහෝසි කරයි ?

ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය අහෝසි කිරීමේ කැරලි කරුවන්ගේ සැලසුම වහා ම ක්‍රියාත්මක කළ යුතු බව මිරිහානේ පෙරේදා  සිදුවීම්වලින් පසු තීරණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ඉදිරි කාලයේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරය අහෝසි කරන බව විමල් වීරවංශ , උදය ගම්මන්පිල ඇතුළු කැරලිකාර කණ්ඩායම ප්‍රකශ කොට තිබුණ ද, එය ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය එනතෙක් කල් දමා…

ජනාධිපති රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි රටපුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කොට තිබේ. මෙලෙස හදිසි නීතිය පැන වූ විට ඒ යටතේ රැස්වීම් උද්ඝෝෂණ සහ වැඩ වර්ජන ආදිය තහනම් කිරීමට රජයට හැකියාව ලැබෙයි. එමෙන් ම විධිමත් ලෙස ඇඳිරි…