තොන්ඩමන්ගේ දෙදෙනාත් විපක්ෂයට යන්න සුදානම්

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ද ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට සුදානම් බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක වතු යටිතල පහසුකම් සහ සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අද කොටගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
වතුකරයට බලපාන රසායනික පොහොර ප්රශ්නය සහ වතුකර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට රජය කටයුතු නොකිරීම නිසා මෙම තීරණය ගැනීමට සුදානම් බව ඒ මහතා ප්‍රකාශ කරයි.
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 150 ක බලයක් තිබිය දී තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ වටිනක්කමක් නැති බව පෙනෙන්නට තිබුන ද පක්ෂ 11 ක තිහකට වැඩි පිරිසක් විපක්ෂයට ගිය විට තමන්ගේ දෙදෙනාට ද විශාල වටිනාකමක් ලැබෙන බව තොන්ඩමන් මහතා කියයි.
