නිදහස් ජන විරෝධය හයි ජැක් කරන්න ගියැයි සජබට විරෝධයක්

 

සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් රජයට එරෙහිව සංවිධානය කරන විරෝධතා ව්‍යාපාර තම පක්ෂයේ වැඩක් බවට පත්කර ගැනීමට සමගි ජන බලවේගය උත්සහ දරන දවට චෝදනා කරමින් සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරීන් විරෝධය පළ කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් තනතන විරෝධතා සංවිධානය කොට තිබු අතර අප්‍රේල් 3 දා මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කොට තිබිණි.

එම විරෝධතාවයට පොදුවේ සියලු දෙනාට ආරාධනා කළ ද එයට දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගැනීමට තීරණය කොට නොතිබිණි.

කෙසේ වෙතත්, එම උද්ඝෝෂණයට තමන් සහභාගී වී නායකත්වය දෙන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කිරීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

තම උද්ඝෝෂණයෙන් කිසියම් දේශපාලන පක්ෂයක් වාසි ගැනීමට ඉඩ දිය නොහැකි බව සමාජ මාධ්‍යයේ උද්ඝෝෂණ සංවිධායකයෝ කියති.

කෙසේ වෙතත්, කුමන නීති දැමුව ද තම අරගලය දිගට ම ගෙන යන බව ඔවුහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *