ඉන්දියානු ණය යටතේ විදුලියත් ලැබෙයි !

ඉන්දියානු ණය ආධාර යටතේ ඊයේ ලැබුණු ඩීසල් නිසා විදුලිය කැපීම පැය එකයි මිනිත්තු 40 ක් දක්වා අඩු කළ හැකි වූ බව මහජන උපයෝගිතා කොමිසන් සභාව කියයි.
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට ඊයේ මෙරටට ළඟා වූ අතර එම ඉන්ධනවලින් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලයට ලැබීම නිසා විදුලි බලාගාර ගණනාවක් යලි ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී තිබේ.
මෙලෙස දිගට ම ඉන්ධන ලැබුනහොත් දිනපතා විදුලිය කැපීම අඩු කිරීමට හැකි වන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව කියයි.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය යටතේ විදුලිය කැපීම සම්පුර්ණයෙන් නතර කළ නොහැකි බව කියති.
