මිරිහානේ කැරැල්ලෙන් ආණ්ඩුවේ කැරැල්ල ඉක්මන් වෙයි ; පාර්ලිමේන්තු බහුතරය අහෝසි කරයි ?

ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය අහෝසි කිරීමේ කැරලි කරුවන්ගේ සැලසුම වහා ම ක්‍රියාත්මක කළ යුතු බව මිරිහානේ පෙරේදා සිදුවීම්වලින් පසු තීරණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඉදිරි කාලයේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරය අහෝසි කරන බව විමල් වීරවංශ , උදය ගම්මන්පිල ඇතුළු කැරලිකාර කණ්ඩායම ප්‍රකශ කොට තිබුණ ද, එය ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය එනතෙක් කල් දමා තිබු බව කියති. එය අලුත් අවුරුදු සමයෙන් පසු සිදුවනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව වී තිබිණී.
කෙසේ වෙතත්, මිරිහානේ පෙරේදා සිදුවීමෙන් පසු තම සැලසුම් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට දැන් එම කණ්ඩායම් තීරණය කොට ඇති බව කියති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙක් පක්ෂ දහයත් ඊයේ වෙන වෙන ම ප්‍රකාශ කළේ අන්තර් වාර ආණ්ඩුවක් නැතහොත් භාරකාර රජයක් වහා පිහිටුවිය යුතු බවයි. එසේ නොකරන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන බවට ද ශ්‍රීලනිප ය තර්ජනය කොට තිබේ.
කෙසේ වෙතත්, තම සැලසුම් ක්‍රියාත්මක කළ යුතු මොහොත එළඹී ඇති බව දැන් මෙම කණ්ඩායම තීරණය කොට ඇති බව කියති.
ආණ්ඩුවේ හවුල් පක්ෂ 11 හේ නොවන ප්‍රබලයින් ගණනාවක් ද මෙම සැලැස්මට එක් වී සිටින බවත්, ඔවුන් වෙන ම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් දැනගන්නට ඇත.
